Sunday, September 11, 2011


ආදරණිය මහප්පේ

ලස්සනට ටයි එකක් දාලා හැඩ වෙලා නිසලව බලා හිටිය ඔයාව දැක්කම මට අදහ ගන්න බැරි උනා.බලාපොරොත්තු උනේ ඔයා ඔය වගේ එයි අකියල නෙමේ මහප්පේ ඔයා ගොඩක් ආදරේ කරපු අපි හැමෝම ඔයා අසරණ කරා අපේ කොල්ලෝ සෙට් එකේ හැමෝටම හීනයක්ම වෙලා.ඔයා කාටවත්ම නොකියා යන්න ගිහින්.

නිකමටවත් හිතුනෙ නෑ ඔයා අපිව දාලා ආයේ නො එන්නම ගිහින් කියලා.වෙනදා වගේම යාන්තමට හිනා වෙන ඔයාගේ මුහුණ අදත් ඒ වගේමයි.ඔය පරවෙලා කියලා නිකමට වත් හිතුනෙ නෑ.

ඉස්පිරිතලේ ගිහින් ආව ගමන් අම්ම තාත්තා ඇස් වල කදුලු පුරෝගෙන කිව්වා ඔයාට හුගක් අමාරුයි කියලා.ඒත් හිතාගන්න බැරි උනා ඔයාට මොකක් වෙලාද කියලා.
කතා කරන්නේ නෑලු නිදිලු දවස් දෙකයි ගියේ ඔයා ගිහිල්ලා දිවිය ලෝකේ

පොඩි අයියගෙයි නදුන් මල්ලිගෙයි කතාවෙන් තේරුනා ඔයා අපිව දාලා ගිහින් කියලා.එතකොට මම උන්නේ ක්ල්ස් එකේ මටත් නොදැනීම මගේ ඇස් වලට කදුලු ආවා. ක්ලාස් එකෙන් සර්ට කියලා පැන්නා ක්ලාස් එකෙන් ආවා හැටිත් මට මතක නෑ. මට හිතුනෙ නෑ මෙච්චර ඉක්මනට ඔයා අපෙන් සමුගනීවි කියලා.

අපි ඔක්කොම එකතු වෙලා ඔයාට හොද වෙන්න කියලා බෝධි පූජා තිබ්බා.ඒත් ඒ හැම බලාපොත්තුවක්ම අපේ ඉස්සරහ බිදිලා ගිහින්.
ඔයා ආස කරේ මහප්පේ ඉක්මනට ඇවිදින්නනේ මහප්පේ .

මහප්පේ ඔයාට නිවන් සුව මම ප්‍රාර්තනා කරන්නෙ නෑ.ඒ ඔයා අසාවෙන් දැකපු,මවපු ඔයාගේ කොල්ලෝ සෙට් එක රජවෙන දවස දකින්දනේ ඒ හීන මොන ආත්මෙදි හරි ඔයා හැබෑ කරගන්න ඕන නිසා.

මතු හමු වෙනා හැම බවයෙකම මගේම මහප්පා වෙලා ඉපදෙන්න,මේ වගේ අකල් මරණයකට ගොදුරු නොවෙන්න කියලා පතන්නම්.


මීට මාස තුනකට පෙරාතුව ඔයා සදහටම මේ ලෝකෙන් නික්ම යන්න පෙර ඔයාව බලන්න ගිහින් ඇවිත් තමා මේ සටහන් මගේ දිනපොතේ තිබ්බේ.

මහප්පේ ඔයා අපෙන් සමුගෙන මාස 3k වෙලා.මගේ දින පොත අරගෙන ඒකෙන් උපුටගෙන මේ විදියට ඔයාගැන පුන්චි සටහනක් තියන්න හිතුනා FB එක අදටත් මට හිතෙන්නෙ නෑ ඔයා අපි අතර නෑ කියලා.
ඔයාගේ වියෝවීම දරාගන්න බැරිව අඩපු හැමෝටම වඩා මම ඇඩුවා හැමෝටම තාමත් ඔයාව ඔයාගේ ලස්සන හිනාව ඔයාගෙ දගකාරකම් මතක් කරනවා අපේ තාත්තාත්.

1 2 ගණන් කරා ගන්න දන්න කාලේ ඉදන්ම ඔයා ගැන මට තිබුනේ බක්තියක් එක වෙනස් වෙන්නේ නෑ මහප්පේ ඔයාට මාව unsure උනාට මට ඔයා sure ම sure.ඔයා අපි අතරින් සමුගෙන මාස 3ක් වෙලා.එත් ඔයා තාමත් ජීවත් වෙලා ඉන්නවා වගේ මට දැනෙන්නෙ.සුව කරන්න බැරි රෝගයකින් ඔයා දුක් විදලා අන්තිමට අපිටත් නොකියාම ගියා.

මේ ලෝකේ කාටවත්ම මේ වගේ දරුණු ලෙඩක් හැදෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා.එක පාර මිය යනවා වගේ නෙවෙයි මැරී මැරී ජීවත් වෙන එක.ඒක දරාගන්න අමාරුයි.

අපේ ජීවිතේ සොදුරුතම කාලයේදි අපි අතරින් සමුගත් ආදරණීය මහප්පේ සිටිනා ලොවක සතුටින් ජිවත් වෙන්න කියලා අදත් මම ප්‍රාර්තනා කරනවා

 දුටු සැණින් ආදරේ දැනුනා
නොසිතු නොපිරූ පැතුම් පිරුනා
ඔබ මගේ මිස මා ඔබේ මිස 
වෙනත් කෙනෙකුන් නැතැයි සිතුනා.... 


ඔබේ සුසුමන් පවා දැනුනා
දෙනෙත් නිරතුරු නුබම පැතුවා
බැතිබරව හද නුබට දෙනු මිස
වෙනත් සුවයක් නැතැයි සිතුනා... 


දෙදුන්නේ සත් පාට මැකුනා
සද දියෙන් මුලු රැයම ගිලුනා
දුටුව ආලය මිරිගුවල් මිස
සෑබෑ අරුතක් නැතැයි සිතුනා

මට මොන ගෑටලුව ආවත් අම්මි..

මට මොන ගෑටලුව ආවත්
ඔයාගේ තුරුලට ආවම
හෑම දේම අමතකයි
අම්මි...
ඔයා නෑති දවසක මට
මාව නෑතිවෙයි
අනේ ....
මට ඔයා වෙනුවෙන් කරන්න 
එකම එක දෙයක්
තියනවා
මගේ පන ඔයාට දිලා
ඔයාගේ ආයුශ වෑඩි කරන එක
ඔයාට දුක හිතෙයි
සුදු අම්මි
ඒත්....... මගේ පනට වඩා 
ඔයව මට වටිනවා
සත්තයි ....
මම ඔයාට හුගාක් ආදරෙයි

නිහඬ වව්.....!සැම දෙනම,
උදා වී ඇත යළිත්
නිහඬ විය යුතු යුගය...
නොපෙනුනත්...
පුලුටු ගඳ නංවමින්.
දැවෙන ජීවිත මහමඟ...
නොඇසුනත්...
විලාපෙක හඬ තබා,
සියුම් ඉකියක නදද...
අසන් මා පිය සබඳ,
නිහඬ විය යුතුව ඇත,
සැක නොකර මේ දැන්ම...
නැති උනොත් උන් නුඹව,
නිහඬ කර දමනු ඇත..
සදහටම...
නිහඬවම...!!!

සතුටින් කල් ගෙවුන
අවංකව සිනාවුන
බලාපොරොත්තු පොදි බැන්ද
සතුට වැඩිකමට ඇඩුන
සුන්දරම සුන්දර කාලය
නොසිතූ මොහොතක
නිම විය......
ආයේමත් මම
පෙරසේම හදවතින් අඩමින්
බොරුවට සිනාසෙන මළ කදකි.....

සත්තකින්ම මා මියගොසින්...
කයෙන් නොවුවත් හදවතින්...
නැවත ඉපදීමක් මට එපා.....
මට එපා......
මට එපා......

දරන්නට බැහැ
මහා දුක් වේදනා තවත්
ඉවසුවා
එක් වරක්
දෙවරක්
තුන්වරක්
බැහැ ආයෙමත්.......

තව වරක් ඒ දුකම විදින්නට උනොත්......
පපුව පැලී මියයනවා සත්තයි....
කයෙනුත්.....

අදුර දුරුකොට
එලිය දී
නැවත් හෙලුවා අදුරේම...

මම දැන් එලියට බයයි....
හුගක් බයයි
කලුවරේම ඉන්නම් හැමදාම.......

මම මැරිලා
ඔව් මගේ හදවත ඉස්සර වගේ වැඩ කරන් නෑ.....
මට පිස්සු
ඔව් මගේ මොලේ ඉස්සර වගේ වැඩ කරන් නෑ......

කෝ මම නෑ.....
මම නැතිවෙලා.....
ඔව් මම නැතිවෙලා....
මට මාවම නැතිවෙලා.....
අනේ මට මං ගැනම දුකයි......

අයේමත් කවමදාවත් එපා මට එලිය
මට හොදයි මේ මූසල කලුවර..........

මම මැරිලද?
අනේ මන්දා මටම තේරෙන්නේ නෑ..........
මං හිතන්නේ මම දැන් මැරිලා........
මo හින්දා නුඹ නොකාපු වේල් ගණන කීයද
මo හින්දා නුඹ අඬාපු කඳුළු ගැළුම් කීයද
මo හින්දා නුඹ හෙලාපු සුසුම් වළලුකීයද
අම්මේ මට කියන්න ඒ ණය ගෙවන්න ඕනෙද
පුන්චි කාලෙ අප්පච්චී ගහන කොට
මාව බේරගත්තේ බොරු කියා නුඹ
එයින් නුඹට සිදුවුණ හැම පවමඅද
පළදෙන්නැයි මo පතනවා මටම අද
නුඹ සිතු පැතු ලෙස අම්මේ නුඹේ පුතා
රජ වූයේ නැත සැම පරදවා මෙදා
තැවෙන්නට එපා මොහොතක් එහෙම සිතා
මo හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

කුමට මරණය පතන්නෙම්දැයි ගැහැනුන් මිනිසුන්

ගැහැනුන් මිනිසුන්
ජීවිතයෙන් 
කුමට මරණය පතන්නෙම්දැයි 
ඇසුවෙමි කලෙක 
සෝපහාසයෙන්, තරහින්
දමා ගැසුවෙමි මා
අතට හසුවූ දරුනුම 
වාග් ආයුධයන්ගෙන් 
ජීවිතයෙන් පලා යන්නෝ
කොන්ද පන නැති නිවටයින්
දිරිය සිඳුනු නපුංසකයින් . . . . !
ලද මිනිස් දිවිය
කොට මහා පින්දම් . . . පාරමී
රැකිය යුතුමය වෙර වීරියෙන්
සැදුමට සෙත නොව පමනක් තමාටම
නොහැකි වුවත් සකල ලෝ වැසියනටම
දිගු කිරීමට දෑත් එකෙකුට හෝ 
අඳුරු අගාධයකින් පනින්නට මෙපිටට . . . !
එනමුත් පසක් වූ පසු මටම
නට වූ පසු අවසන් අපේක්ෂාවත්
ලබනට දිවියේ සැපතක් නිදහසක්
නිරවුල් මනසක් . . . !
සැදුමට සෙත තියා අනුනට, මටවත්
නොහැකිව ළතවෙන දිවියට
පතනු හැර ජීවිතයෙන් "මරණය"
වෙන කිසිවකින් 
ලද හැකිද සමාධියක්?

සිතට දැනුන ආදරේ කියා ගන්න බෑ

සිතට දැනුන ආදරේ කියා ගන්න බෑ
ගතට දැනෙන සීතලේ ඉවසගන්න බෑ
ඔබ දුටු විට මා සිතේ ඇතිවන ඒ ආදරේ
සිතා ගන්න බෑ මට කියා ගන්න බෑ.....
අදරේ මගේ ඔබ කියා
සිත කියනා මොහොතක් පාසා
මම සිතන්නෙ ඔබ ගැන කියලා
මගෙ සිත මුමුනයි මට සැමදා......
දිලිසෙන ඔය නිල් නෙතු සැමදා
කරගන්නට මගේම කියලා
ඉවසමි හැම මොහොතක් පාසා
කරගන්නට ඔබ මගෙ කියලා...

බලා සිටිමි තවමත් මම

බලා සිටිමි තවමත් මම
ඒ සුරගන නෙත් දෙසම
මොහොතක් හෝ ඇසිපිය නොහෙලා.....
සදහටම ඒ නිල් නෙතු මගේම කරගන්නට
අසීමිත වූ සෙනෙහසක් සිතම වෙළාගනිද්දී
තවමත් තනිවී සිටිමි මම
හදවත පුරා පිරි ආදරයට
සිත් මායිමේ සීමාව
පැන යා නොහැකි වූ නිසාම...

හිස් අහස් කුසට


හිස් අහස් කුසට දෑත් දිගු කරන කොතරම් වැලපුනත් මා ඔබව මට නොලැබේවි කෙදිනකවත්මමුලු ලොවම එලි කරන සද කුමරි මගෙ ලොවට නොපයාවිරිදුම් දෙන ඇස් කෙවෙනිතෙත් වෙනකම් දුක කියාන හඩා වැටුනත්එකදු තරු කැටයක්පාලු මා සිත් අහසේනොදිලේවි කවදාවත්මනුබව මට නොලැබුනත්මෙ සසර පුරාවටමිරිගුවක් පසු පසින්හති නැතිව දුව ඇදෙන අහිංසක මුවෙකු මෙන්නුබට පෙම් කරමි මම 


ආදරය A/L( වලදී Love කරලා Boot කාපු අයටත් Love කරන අනිත් සැමටත්..

ඒ ආදරේ තරම් වේදනාකාරී දෙයකුත්


කෙනෙක් සිත පතුලෙන්ම

 අවංකව ආදරය කරනවා නම් ඒ ආදරය තරම් ලස්සන දෙයක් වෙන කොහේවත් නෑ,

ආදරය කියන්නේ පුදුමාකාර දෙයක්, ඒ ගැන නොතේරෙන අයට ආදරය 

කිසි වැඩකට නැති දෙයක්, ඒක තේරුම් අරගෙන හරියට ආදරය කරන අයට ජීවිතයම ආදරයයි . . කවුරුහරි බොරු ආදරයක් මවාපානවා නම් ඒ ආදරේ තරම් වේදනාකාරී දෙයකුත් වෙන කොහේවත් නෑ .


ඇස්දෙකින් ගලායන.

ඇස්දෙකින් ගලායන...
කදුලු කැට ගංගාව...
සවියක් වේවි දිනක...
නැගීසිටින්නට... 
ලෝකයා ඉදිරිපිට...

එපා මා අමතන්න...
එවන් සුබ දිනයකදි... 

අවසරයි සමුගන්න...
කිසි දිනකදී ‍යලිත්...
නොම එන්නට...
ඔබ ඉදිරියට..