Friday, September 14, 2012

සියක් යු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් මතු බවයේදී ඔබ ජීවත් වේවා

කොහොම කියන්නද කියලා තේරෙන්නේ නෑ
මට දැනෙනවා ඔයා නැති අඩුව
ඔයාට මාව ජොකියෙක් වගේ පේන්ඩත් ඇති
මම කරපු කියපු වැඩ දැකලා
මම මොන වැරැද්ද කරත් වෙන අය වගේ ඔයා මට බැන්නේ නෑ
"මෝඩයනේ" කියලා උපේක්ෂා සහගතව බලලා සමාව දෙන්න ඇති
ඔයා කට කොනෙන් හිනා වෙනවා මැවිලා
ඔයා ආදරේ කරපු කැමැත්තෙන් උන්න අනිත් අයට වඩා
මට ඔයාව මතක් වෙනවා
ඔයා පින් කරා වැඩි එකයි මෙච්චර ඉක්මනට යන්න උනේ
අපි කරපු පව් අපි තාම ගෙවනවා
ඔයාගේ පව් ටික ඉවර වෙලා හැමෝම අඩවලා හැන්ගුනා
ඔයා ආදරේ කරපු හැමෝම ඔයාට ආදරේ කරේ
ඔයාගෙන් ලාබ ප්‍රයෝජන ගන්න
එත් ඔයාට ආදරේ බක්තිය දුන්න
මට ඔයා කවදාවත් ආදරේ කරලා නැතුව ඇති
ඔයා නැති දවසේ ඉදන් මගෙන් වෙන්න ඕන හැමදේම මම කරා
a / l වලට මාස 4 වැස්සේ තෙමිගෙන ගිහින්
ඔයාගේ තරං බැරි උනත් පුළුවන් විදිහට පාළුව මැකුවා
ඒවාට මට ලොකු තෑග්ගකුත් හම්බුනා හිත පිරෙන්ඩ
එතකොට තාම දැනුනේ ඔයාගේ අඩුව මහප්පේ
ඔයා උන්න නං "මෝඩයනේ" කියලා කට කොනින් පොඩි හිනාවක් දානවා කින්ඩියට වගේ
ගොඩක් හයියෙන් අඩන්න බෑ ලෝකෙටම කෑ ගහලා
ඔයා නැති අඩුව හදවතට දැනෙනවා
කොහොමද නිවන් සුව පතන්නේ මහප්පේ
අපි තව කල්ප කාලයක් සංසර චක්කරෙත් වටේ කරකෙනවනේ
මහප්පේ ඔයාට නිවන් සුව මම ප්‍රාර්තනා කරන්නෙ නෑ
මම කියන්නන් මෙහෙම
සියක් යු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් මතු බවයේදී ඔබ ජීවත් වේවා

http://lokuputha.blogspot.com/2011/06/blog-post_13.html

Sunday, July 22, 2012

2010.07.22 හරියටම අදට අවුරුදු 2ක් එදා තමා එදා අපේ ජීවිතවල තවත් එක්තරා විදිහේ සුන්දර දරුණු අත්දැකීමක් 21 කලින් දවසේ තමා ඔක්කොම ප්ලෑන් එක අපි 4 කට්ටුව ගැහුවේ මම, කොට, චුලා , බිජු පරීක්ෂක (දන්නෝ දනිති )

"ලොක්කා හෙට මොකෝ කරන්නේ " නිප්පා මගෙන් ඇහුවා "

"හෙට නේද ? මොන හරි කොරමු මචෝ" මම කිව්වා


"චුලගේත් උපන්දිනේ ඊයේ දෙකම අල්ල දාමු ගින්දර එකක් " නිප්පා කිව්වා"එල එල දාමු දාමු චුලට අදහස දාපන්කෝ " මම කිව්වම

ලොවෙත් දෙපාරක් නොහිතම නිප්පා පිටිපස්ස පෝලිමේ පිස්සු නටන චුලට අදහස් පොදිය අත්හැරිය සර සර ගල මුළු ඇගම සලිත මුකුලිත වෙලා

"දාමු දාමු මෙන්න මගෙන් rs 1000" චුලා කිව්වා
"අරම්බෙම හොද උන හින්ද මමත් ලොස්ට් නැතුවම දැම්ම rs1000 මේ නිප්පත් දැම්ම 1000 ක් ඔක්කොම 3000 ක්ඔක්කොම හරි
"මේ ඒක නෙමේ අපි අර පිස්සු කෙස් ටිකටත් මොන හරි අරන් යමුද " චුලත් එහෙම හඩ අවදි කරේ මොකක් හෝ නමුත් යටි අරමුණක් හිතේ තියන් කියල කොයි කට නමුත් මට නං හිතුනේ


ප්ලැන් එකට අනුව මට හෙට නිවාඩු දවසක් මොකෝ මමනේ ප්ලැන් එකට අනුව බදු ගන්න ඕනේ ඔක්කොටම කලින් අපි සෙට් එක මේ වගේ දරුණු ගනයේ ජල්බරියක් ගහන්නේ ජීවිතේ පලවෙනි වතාවට කලින් මෙහෙම ගොන් වැඩ කරලා නැ


අපි සෙට් එකේ උන්න එකම චන්ඩිය මන් හින්ද ඔක්කොම මුදල් ප්‍රතිපාදන මට බර දීල බඩු ටික මට ගෙන්න පැවරුන


මෙගා බෝතල් 2,චොකලට් බිස්කට් එකයි ,චිකන් රයිස් එකයි තව හොද ජාතියේ බෝතලෙකුයි ගෙන්න හිතන් අපි සෙට් එක ඊට ගත්ත ඉතින් නිප්පගේ වැඩේ ගෙදර ගිය වෙලේ ඉදන් එලි වෙනකන් sms කරනවා මොකටවත් නෙමේ හෙට පර්ට් එක උට හින්ද සන්තෝසෙට තව සීන් එකක් අපේ cls එකට ආවා දුරා කියල YDB එකේ ගෑනුලමයෙක් එයාගෙත් උපන් දිනේ එදාටම තමා දින දීල තිබ්බේ


ඉතින් කොහොම කොහොම හරි අපි අය බලන් උන්න මොහොත ටික ටික එලබුනා වයසේ වරෙද්දද මන්ද අපි කරන කියන ඒවගේ හරි වැරදි පෙන්නේ එක කරලා එවර උනාට පස්සෙනේ ඒ සංසිද්දිය මෙකටත් අදාලයි
ඔන්න ඉතින් මම බාර් එකට ගිහින් ගත්ත සුපර් barndy බෝතලයක් සුපර් කියන්නේ නිකන් නෙමේනේ අරන් අනිත් අවශ්‍ය කලමනත් අරන් වැඩේට සෙට් වෙන්න කියල හිතන් අපේ තිත්පොල උන hard cls එක පැත්තට අදුන මෙන්න බොලේ නිප්පයි කොටයි ඇවිදින් ඒ අස්සේ කොට තව මගුලක් කරන්න හදන්නේ කොට බැලුන් බෝලයි i wish u happy birthday dura ,chula , nipuna කියල පෝස්ටර් එකකුත් අරන් ඇවිත් ඒ අස්සේ ස්පෙර් එකකුත් ගෙනල්ල අදටට් අපේ මතක සටහන් ඇති ඒ පන්තියේ ඔන්න බඩු හරි චුලලා එන්න ටිකක් පරක්කු වෙන හින්ද අපි සරසන්න ඕනේ මෙව්වා ටිකත් කොරල අහවර වෙලා අර ගේනවා මත්පැන් බෝතලේ රහ බලන්න තොල ගැව 1/2 ඉවර වෙන්න ඔන්න මෙන්න තියල සුදා,තිසර ,අයේෂ්,චුලත් ආවා ඇවිත් පිස්සු වැටිලා පන්තිය දෙකල ඔන්න ඉතින් අපේ කල්හාරය අවේ පරක්කු වෙලා උ තම එස්සරහට වෙන හැම දෙකටම වැරදි කාරයා වෙන්න උ කලින් අවනන් මෙහෙම කෙදනිය ඉරණමක් අපි කාටවත් අත් වෙන්නේ නැ කියල 


අපි හැමෝම වගේ දන්නවා ඔන්න ටික වෙලාවක් යනකොට අපේ පන්තියේ උන්න සුන්දර ලලනාවෝ දෙන්නත් පැමිණිය එයාලටත් පුදුමයි අපි මේ කොරල තියන දේ දැක්කම එයාලත් හෙන ලොකු වට්ටක්ක ගෙඩියක් වගේ කේක්‌ ගෙඩියක් ගෙනල්ල ඔහ්....... කියන්න බැරි උන එයාල දෙන්න තමා දුරා & දිල් කියන මෝඩ ජෝඩුව දන් ඉතින් අපි අර බෝතලේ 1/2 ටත් වඩා එවර කරලා කල්හාරයට තිබ්බ එකෙන් අපේ ආදරණිය බිජු පරීක්ෂක තුමා විසින් අකත් පරික්ස කොරල තිබ්බ ටිකට වතුර දල කල්හාරයට දීල උට තොල ගාල එක ඉවරටම ඉවර කරා ඔන්න දැන් කෙල්ලන්ටත් වැඩේ තේරුණා ඒ හින්ද එයාල බය වෙලාලු ඉදලා තියෙන්නේ


ඔන්න ඔහොම ඉන්න කොට අපිටට් නාද සලන් අපි මොනාද කරන්නේ කියන්නේ කිසිදෙයක් ඒ වෙලාවේ නැ ඉතින් ඔන්න ඔය වෙලාවේ එතන පොට් එකේ අයිතිකාරය ඇවිත් කියපි අපේ sir අද පන්ති න ඔයාලට ගෙදර යන්න කිව්වා කියල කොරේ පිටට මරේ කියන්නත් වහේ අපිට අහු උනේ පට්ට පට පට අවස්ථාවක් හවස බොන්න තියන් උන්න 1/2 ඒ වෙලාවේ සතුටට බිල දැම්ම ඔන්න ඉතින් ඔක්කොම කැරකෙනවා නිකන් මෙරිගෝ රවුමක් වගේ                                                                                                                             


දුරා & දිල් දුරාගේ උපන්දිනේට ගෙනත් තිබ්බ අලි කේක් ගෙඩියටත් ලිපිනත් නැති කරලා මයි නිප්පයි සුභ උපන්දිනක් වේවා කියන්න බලනකොට මෙන්නේ මුන් දෙන්න අපිට බයේ දුවනවා අපිත් පස්සේ ගිය සුභ පටන්න එත් වැඩක් උනේ නැ අපි අපහු ගිහින් පන්තියේ සින්දු කියල නටලා ඉන්නකොට ගොඩක් ජාති උන මම නිප්පා තම දරුනුවටම පිස්සු නටලා තියෙන්නේ ඒ අස්සේ කව්ද එකෙක් අඩලත් එක්ක නිප්පා කබා දාල ඓති කාරයටත් මට්ටු තවත් ගොඩක් ජාති අපිට ඉස්සරහට උන ඒවා තවත් කතා එක්ක ගෙන්නන්

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් සමහර විට එදා අපි ඒ කරපු වැරෙද්ද නොකර උන්නාන් මගේ lif එක මිට වැඩ වෙනස් වෙන්න ගොඩක් ඉඩ තිබ්බ මට හම්බෙන්න තිබුන දෙයක් මගෙන් ඇත්වෙලා ගියේ අපි එදා ඒ කරපු වැඩේ හින්ද කියල තාම දුක හිතුනත් එදා කරපු ගත්ත අතල් එක මතක් වෙනකොට ඒ දුක නැත්තට නැති වෙනවා එදා ඉදන් ගත්ත මොරාල් එක අදත් තියනවා එදා එක පව්ලක් වගේ උන්න අපි දන් වෙන් වෙලා ගිහින් ඇත ඒ මතකය එදත් වඩා සුන්දර ලෝකෙකට මව එක්ක යනවා ජීවිතේ මට ගොඩක් වැරදිලා තිබ්බත් ඒ පන්තියේදී වැරදුන තරං වැරදිලා නැ මෙතන මට කියන්න බැරි ලොකු දුක හිතෙන කතාවක් තියනවා මම එක ඉලග කතාවෙන් කියන්නං එතකන් මම යනවා

Friday, July 13, 2012

කරන කියන හැමදේම වැරදෙද්දි,හැමදේම දුකක් වෙද්දි "මේකනම් මගෙ කරුමෙ " කියන්න අපි හැමෝම පුරුදුවෙලා හිටියට.සතුටකදි,සැපකදි වාසනාව කියන්නත් අපිමයි පුරුදුවෙලා ඉන්නෙ ..
ඒ ත් ඒ හැමදෙයක්ම අපි කරපු කියපු දේවල් වලින් වෙන දේවල් කියල කාටවත්ම හිතෙන්නෙ නැද්ද .....? මම පවි කරන්නෙ නෑ කියලනම් නෙවේ කියන්නෙ ඒත් ඒවාගෙන් වැලකිලා ඉන්න ගොඩාක් උත්සහකරනව මේ ආත්මයෙ බැරි උනත් බුදු පුතෙක් වෙන්න මටත් ආසයි පොඩි හාමුදුරුවනේමේ සසරින් එතෙරවෙන්න ...........

Saturday, June 9, 2012


2016.07.22, චීනයේ සිට. හිතවත් ලහිරු වෙත,

ඉතින් ලහිරු මොනවාද අලූත් තොරතුරු?

අපි හොඳින්. ඔයාට ලියන්න කිය කිය හිටියේ. ඒ වුණත් එවන්න විදියක් තිබුනෙ නැහැ. මෙහේ ඉඳන් ලිපියක් එන්නත් ගොඩාක් කල් යනවා බං අපිත් හරියටම විස්තර දන්නෙ දැන් ගොඩාක් දේවල් ගැන. මුලින්ම කියන්න ඕනේ අපේ Skype facebook එක වැඩ නැහැ. මෙහෙ රජයෙන් ඒ තරම් ඒවාගෙ දේවල්වලට ඉඩ කඩ දෙනවා මදි. විශේෂයෙන්ම Ambassyවලට. මේ රට ගොඩාක් ආරක‍්ෂා කරනවා මේ රජය විසින්. ලිපිවලින් මේ රට ගැන විස්තර ලියන්න අමාරුයි කොටෝ දවසකට හරි බලන්න රට මේක තමා. හිතා ගන්න අමාරුයි. මේ රජයේ මාර Plan තියෙන්නෙ. අපේ රටවල් එක්ක ගත්තම අපේ රටවල්වල පාලකයින් මොනවද කරන්නෙ කියලා හිතෙනවා.

මුලින්ම කියන්න කැමතියි “සමානාත්මතාවය“ ගැන. හැමෝම එක සමානයි. මන්ත්‍රිවරු, ඇමැතිවරු කියල, ක්‍රීඩකයින්,වෛද්‍යවරු කියලා කිසිම වෙනසක් නැහැ. හැමෝටම ආමන්ත්‍රණය කරන්නෙ මචන් කියලා.. ලොකු ලොකු අය කියල ලොකු ලොකු වාහන නැ. ටෝයෝය Car තමා මේ මිනිස්සු තාම භාවිත කරන්නෙ පරණම පරණ කාර්.සුපිරියට හදලත් දුවනවා පට්ට කොටෝ එවනන් හැමදෙනාම සාමාන්‍ය මිනිසුන් වගේ. අපේ ගෙදරට එනවා ඩොකාලා, මන්ත්‍රිවරු අපි ඔයාලා වගේ. ආවාම මායි,ආශානයයි,චූලයි එක්ක කතා කරලා Thanksකරනවා කෑම බීම හදලා දුන්නට. පොලිස් ගාඩ් නැහැ තනියම එන්නෙ. ලොකු ගෙවල් දොරවල් නැහැ. ඒ මිනිස්සු හවසට කඩවලට යනවා. වැඩ කරන්න හරිම Simple මිනිස්සු.

මේ මිනිස්සු හරි හොඳයි. ගැහැනු අයට හොඳට හොඳින් සලකනවා. වයසක මිනිස්සුන්ට හොඳට සලකනවා. ගෙයක් දෙනවා / කන්න දෙනවා / වෛද්‍ය පහසුකම් නොමිලේ / පාසල් ළමයින්ට ඇඳුම්, පොත්, පැන්සල් දෙනවා. මේ රටේ පාලනය හරිම වෙනස් ලහිරුවෝ උබට එන්න කිව්වා කොහෙද උබ එන්නේ නැනේ උබත් හරි බන් අපේ රටේ වගේ නෙමේ මෙහෙ . ඉතාම පොඩි ප්‍රමාණයකට තමා රටෙන් පිටවෙන්න Pass port තියෙන්නෙ. මේ රටෙන් පිටවෙන්න බැහැ. වෙන රටවල්වල ගිහින් අපිට වගේ වැඩ කරන්න බැහැ. මේ රට් අය මේ රටේ ඉන්න ඕන කියන අදහස තමා තියෙන්නෙ. අපේ රටේ වගේ මිනිසුන් අතර ලොකු තරගයක් නැහැ. කවුරුහරි පිටරටකට ගියොත් අනිත් එකත් බලන්නෙ කොහොමහරි යන්න. මොකද අපේ රටේ ආර්ථීකය හොඳ නැහැ. ජීවත් වෙන්න කවුරුත් උදව් කරන්නෙ නැහැ. මෙහෙ වගේ කෑම බීම, ගෙවල් නොමිලේ නැහැ නේ. මෙහෙ මිනිස්සු හරිම සතුටින් කාලය ගෙවනවා. පුදුම විනෝදයෙන් ඉන්නෙ. හම්බ කරන දේ හොඳට වියදම් කරලා. කාලා ඇඳලා ඉන්නවා. එක තම බන් වෙන්න ඕනේ මොකද මේ අයට ගෙවල් හදන්න කියලා, ළමයින්ට ඉස්කෝලවලට, ඛෙහෙත් හේත් ගන්න කියලා, දෑවැදි දෙන්න කියලා ඉතුරු කරන්න අවශ්‍ය නැහැ. පුදුම, පුදුම රටක් මේක. අපි අහලා තිබුණට දැකලා තිබුණෙ නැහැ කොටෝ දැන් අපි හොඳට දන්නවා මොකක්ද මේ රට කියලා. අපේ ඇස්වලින්ම මේ දේවල් දකිනවා. අත්විඳිනවා.


අපි තව මස තුනක් තම මෙහෙ ඉන්නේ අපි අවේ අපේ කම්පෙනි එකේ වැඩකට australiya යනවා මචන් ස්ථිර පදින්චියටම නැත්තන් newzealand තමා අපි ඉල්ලා තියෙන්නේ අපේ ජොබ් එකේ හැටියට එක රටක ඉන්න නැ බන් ඇත මේ රටනන් සුපිරි රට ජීවත් වෙන්න මොකො අද මෙහෙලොකු සැපසම්පත් ලබමින් නෙමේ මෙහෙ ජීවත් වෙන්නේ. මිනිස්සු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ ඉතාම හොඳින්. මානසිකව ලොකු නිදහසකින්. හිතන්න දේවල් නැහැ මේ මිනිස්සුන්ට. අපේ රටවල්වල මිනිස්සු හරියට හිත් වලින් දුක් විඳිනවා. ඉගෙනගත්තා කියලා රස්සාවල් නැහැ. ගෙවල් දොරවල් ප්‍රශ්න. ඒ අතින් මේ රට ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ලියන්න දේවල් එමට තියෙනවා. ලහිරුවෝ අපි ආපුවාම කතා කරමු තව අත්දැකීම් රාශියක් ලැබෙයි කියලා හිතෙනවා. අපි දැන් මෙහෙට ඇවිත් මස 7 ක් වෙනවා


මේ රට ලංකාව වගේ කී ගුණයක් ලොකුයි කියල හිට ගන්න බෑ බන් . මෙහෙ අමෙරිකාව එක්ක මාර අවුල ඇමරිකාව හදන දෙයක් ගේන්නේ නැ එත් කොට ඇමරිකාවේ ඔක්කොම සල්ලි වලට ගන්නවා මාරයි බන් මෙහෙ අපි කුකුල් මස් කනවා වගේ මෙහෙ කන්නේ උරු මීයෝ වගේ ජාතියක් ඉන්නවා අන්න උන්ව අල්ලලා මරල තමා කන්නේ අවුලක් නැ චුලට නං කන්න බෑ බන් ඌට ඒවා කපු වෙලේ ඉදන් ඌ නිකන් ඌර වගේ මෙහෙ මචන් සරපයින්ව කනවා මාර විදිහට අපිත් දවසක් පොලගේක්ව රෝස් කරලා කව හොටෙල් එකක ට ගිහින් හැම තැනම බත් කන්න පුළුවන් බිම දාල හරිම ලස්සන රටක්. මෙහෙ මුහුදවල් හදලා තියෙන්නේ මචන් මුහුද වගේම තමා හැබැයි ටිකක් ලුණු රහ මදි හදපු මුහුද ගොඩක් ලස්සනයි. කොළපාට රටක්. ගස්කොළන් ගොඩාක් තියෙනවා. ලංකාවේ තියෙන හැම කහක් කොළක්ම වගේම තියෙනවා. පොල් ගස් ගොඩාක් තියෙනවා. භාෂාව ටිකක් අමාරුයි. චෑන් චූන් ගාලානේ කතා කරන්න තියෙන්නේ අපි මෙහෙ ඉන්න ගමන් පොඩි පොඩි sduty පාරක් දැම්ම තව ඉගෙන ගන්න බලනවා ටිකක්. අවශ්‍ය කරන හැම දෙයක්ම නොමිලේ / ප්‍රවාහන ගාස්තු නැති තරම් අපේ සල්ලි වලින් රු. 2 යි කොහේට ගියත්. ඒකත් කැටයක් තියෙන්නෙ කැමති අය විතරයි දාන්නෙ. කොන්දොස්තරවරු නැහැ.Light/Waterවලට පුංචිම පුංචි ගාණක් ගන්නේ. ඒ මොකද නැත්නම් මිනිස්සු පාලනයක් නැහැ. ඒක නිසාලූ.


හැම දෙනාම රජයට වැඩ කරන්නෙ. මෙහෙ Private කියලා කිසිම දෙයක් නැති තරම්. හැම එකම රජය විසින් පාලනය කරන්නෙ. නිෂ්පාදන අංශවල මිනිස්සු වැඩ කරනවා. ඒ අයට ඩොලර් 20 ක් වගේ තමා පඩි හම්බ වෙන්නෙ. වෛද්‍යවරු / ගුරුවරු / පාර අතුගාන එකා / ගෙවල් හදන එකා / පයිප්ප බාස් / හැම දෙනාටම එකම පඩිය තමා. පොඩි වෙනසක් තියෙන්නෙ වෛද්‍යවරයාට ඩොලර් 2ක් වැඩි වෙයි. / ප්‍රොෆෙසර් කෙනෙක්ට ඩොලර් 1 ක් වැඩිවෙයි.

මෙහෙ ඇවිත් ආශානයාණන් කෙල්ලෝ දිහා හැරිලා බලන්නෙට් නැ මොකද මෙහෙ වැරදිවලට දඬුවම් හරිම සැරයි. අවුරුදු බර ගණන්වලට හිරේට. කලූ මිනිස්සු, සුදු මිනිස්සු දෙවර්ගයම ඉන්නවා. නිග්‍ර ජාතිකයින් ගොඩාක් ඉන්නවා. ඒ වගේම Spani මිනිස්සුත් ඉන්නවා. කිසිම ජාති භේදයක් නැහැ. හරිම සමගියි. මිනිස්සු කසාද බඳිනවා මිශ්‍රව.

හැමදාම උබලට ලියන්න කියා කියා ඉන්නවා මිසක් ලියන්න ටයම් 1 ක් නැ බන් මේක ලියන්න අරගෙනත් සතියක් ටික ටික ලියල තමා ලිව්වේ මොකොද වැඩ ඉවර වෙන්නේ රෑ 8 ට විතර එහෙම වැඩ කරන්න ඕනෙත් නැ ඇත අපිව එවල තියෙන්නේ මෙහෙ ගහන්නේ මචන් දන් ටොයෝට ඔක්කොම වාහන මොකද මෙහෙ අමුද්‍රවය තියනවා ජපානේ දන් එහෙම නැ ජපනම තමා මේවා හදන්නේ අපිට තියෙන්නේ වාහන හදන මැෂින් වල තියන අවුල් යන ඒවා හදන්න තමා මෙහා මචන් තමා එක දරු ප්‍රතිපත්තිය තමා තියෙන්නේ එක හින්ද චුලා කැමති නැ මොන සැප තිබ්බත් මෙහෙ ඉන්න ඉතින් අපි සෙට් එක තමා අපි මේකෙන් අයින් වෙන්න කියලා ඉන්නේ බන් අපිට මේකේ ඉදලා සෙතක් නැ මොකද අපි එක දිගටම ඉන්නවා නං ඔන්න අවුලක් නැ බන් එට් අම්ම තාත්තා ගැනත් බලන්න එපෑ ඒක හින්ද අපි සෙට් එක ඉන්නේ මෙහෙන් මාරු වෙන්න සල්ලි ඉතුරුවක් නැ එකය් තියන එකම අවුල ඉතින් නැත්තන් කිසි අවුලක් නෑ බන්

ඉතින් අපේ සෙට් එක මොකෝ බන් කරන්නේ කල්හාර නිප්පා මඩුව අයේශය මන්දයා නීලා තව ගැඩ්ඩා තිසරයා තව සච්චලා 2 නා තව මතකත් නැ බන් අපේ උන්න සෙට් එක මාධවයා ගෙම්බා එහෙම මතක් කර කියපන් ඔක්කොම උන්ව අපේ අම්මා කිව්වා 2011 උපෙ සෙට් එකේ සුහද හමුව එවල තිබ්බා කියල කොහේ එන්නද බන් මෙච්චර දුර ඉදන් අපි හදවතින්ම wish කරනවා ලහිරුවෝ එක හොදට කරපන් මොකක් හරි hlp එකක් ඕනේ උනොත් අපේ ගෙදරට කියල මට කියපන් ලොවෙත් මලිය දන්නවනේ නිප්පා n උබ wedding එක කියලා තිබ්බා කිව්වා අපේ තාත්තා ආවනේ එකට නේද මම ආවා වගේ තම ඉතින් තාත්තා කිව්වා එකටත් මේ එක්කම wish කරනවා උබල දෙන්නටම මෙතන ඔක්කොමගේම නම දාන්න බැරි වෙන්න ඇති එකට මුකුත් හිතන්න එපා මේක ලියන්නෙට් මේ හදිස්සියේ බන් නිදා ගන්න කියලා දවසම වැඩ කරලා පිස්සු වගේ කොටෝ අරුන් දෙන්න නං පුකත් උඩ දාගෙන නිදි


අපි ගිය මේ ලගදී මේ night clb එක එකට පට්ට පට ඇදෙන කලි ටිකක් බන් උන්නේ ලංකාවේ ඒවත් උන්න අපි බැලුව gam5 කෙල්ලොත් ඉන්නවද දාන්න කියන බොරු කියන්න ඕනේ නැ gam5 එක කෙල්ලෙක්වත් උන්නේ නැ ඒ අතින් gam5 කෙල්ලෝ හොද boot තියන එක කොහොම තිබ්බත් එච්චර නරක වේද කරන්නේ නැ කියලා දන්නවනේ අපි අපි ගිය චීන මහා ප්‍රකාරේ බලන්න එක හැදුවේ මොක්කුද මන්ද බන් පහුවද වේද නොගිහින් බැරි කමට ගිය හදපු එකට අපි යනකන් බැන බැන ගියේ බන් ඒ තරන් එක නෙමේ අපිට සුදර්ශන මීට් උන මෙහෙදී උ ඇවිල්ල මෙහෙ phd එක කරන්න කියලා උත් නතර උනේ අපි එක්ක තම ඌ මාර වැඩ කරයනේ බන් අපි ගොඩක් දේවල් දැන ගත්ත උගෙන් තිසරයා කසාද බෙන්දට ඌට හෙන අවුළලු නේද අපි ලංකාවේදීත් ඕකට කොච්චර කිව්වද බන් කොහෙද අපි කියන දේ අහුවනන් අද ඔහොම වෙන්නේ නැනේ බෝතලය හිරේ ගිය කියලත් කිව්වා වාහන මස් කරලා අහුවෙලා පව් මොන උනත් අහිංසක පොර නේද බන්ඉතින් කොට කියන්න නං කප්පරක් දේ තිබ්බත් කියන්න වෙලත් නැ නිදිත් මතයි එක හින්ද ලංකාවට අවම උබලව බදාගෙන ඉබගෙන කියන්න දේවලුත් ඉතුරු කර ගන්න එපෑ එක හින්ද අදට නවතින්නන් අශාන් , චුලත් කිව්වා උබල ඔක්කොම මතක් කර කියන්න කියලා අපි හිතන් උන්නේ සුහද හමුවට එන්න එත් මචෝ නිවාඩු දෙන්නේ නැ වගේ එකයි අනික අපි මේ ඉන්නේ මෙහෙ තව මස ටිකනේ එකයි නිවාඩු දෙන්නේ නැත්තේ අපි මෙහෙට කලින් දැනුන දෙන්න ඕනේ අස් වෙනවා කියලා


ඉතින් කොටෝ ගෙදර හැම දෙනාම හොඳින් කියලා හිතෙනවා. දැනට අපි නවතිනවා. පසුව ලියන්නම්. අපිට ලියන්න වෙලාවක් ලැබුන ගමන් ආයෙ ලිපියක් එවන්නම්. මේක ලිව්වෙත් හදිසියෙන්. අකුරු තේරෙනවාද දන්නෙත් නැහැ. සුහද හමුවේ Photo ටිකක් ගහලා එවන්න. දළදා සමිදු පිහිටයි ඔයාලාට.


මීට මලියා දුමිදු (චුල ) අශාන් හෙවත් අපේ හැපී කව්වා

Wednesday, April 25, 2012



මමත් එක්ක සතුටුවෙන කවුරු උන්නත් හිනාවෙන්න
මගෙ දුක අහල මමත් එක්ක අඬන්න කවුරුවත් එන්නෙ නෑ
කවුරු නැතත ඔයාවත් ඉඳී කියල හිතුව
ඒකයි මම මටත් වඩා ඔයාට ආදරේ කරේ
මගේ දුක දැනෙන එකම කෙනා මේ ලෝකෙ
මම විතරමයි වෙන කවුරුවත්ම නෑ .......
අනේ දෙවියනේ මගෙ මේ හිත මට එපා

අපි තවමත් දවසින් දවස දුකේ එතෙනව නේද බුදු හාමුදුරුවනේ ............?

බුදු හාමුදුරුවනේ යමෙක් දකින්න ඕන හොඳම දසුන බුදුකෙනෙක් දකින එක බවත් යමෙක් අහන්න ඕන හොඳම දේ බුදු බණ බවත් ඔබ වහන්සේ දේශනා කර ඇතත්.......
මං තාම දකින්න ආස එයාව
අහන්න ආස ඒ කට හඬ ආශාවල් පස්සෙ දුවන අපි තවමත් දවසින් දවස දුකේ එතෙනව නේද බුදු හාමුදුරුවනේ ............?

හමුවීම් වලයි වෙන් වීම් වලයි එකතුවට ජීවිතය

හමුවීම් වලයි වෙන් වීම් වලයි එකතුවට ජීවිතය කිවුවොත්...අපි ජීවිත කාලෙම කරලා තියෙන්නෙ හිනා වුන එකයි අඩපු එකයි විතරයි...හමුවීම ළග තබාගන්න ආස කලාට වෙන්වීම ඇවිත් හමුවීම උදුරගෙන යනවා...කොච්චර එහෙම වෙන්නෙ නෑ කිවුවත් එහෙම වෙනවමයි...නොහිතන වෙලාවක නොහිතන තරම් ඉක්මනට ආවොත් දරාගන්නෙ කොහොමද අපි...දෛවය කියලා හිත හදාගන්න තිබුණා...ඒත් දෛවයත් මෙච්චරටම නපුරුද කියලා හිතෙනවා....

Thursday, April 12, 2012

හැමෝටම වගේ මටත් හිනයක් තිබුණා......
රාජ කුමාරයෙක් වගේ සුදු අශ්වයෙක්ගේ පිටේ ඇවිත්,
සේද සළු පිළි වලින් ඔයාව සරසලා
සදහටම මගේ කරගෙන අර ගෙන යන්න.......
එත් අද මගේ ළග සේද සළු තිබුණත්, සුදු අශ්වයෙක් හිටියත්
මම රාජ කුමාරයෙක් වෙන්නේ කෙහොමද ?
මගේ රාජ කුමාරි දැන් වෙන කෙනෙක්ගේ වෙලා.......
මම කොහොමද මගේ රාජ කුමාරිව නැතිව
රාජ කුමාරයෙක් වෙන්නේ,
කමක් නෑ රත්තරනේ......
ඔයා සතුටින් නම් මම හිනා වෙන්නම්....
අදටත් මම ඔයා ගැන හිතන නිසා.....

Friday, April 6, 2012

මගේ පොඩි කලේ මට වෙච්ච ඇබැද්දියක්

                    සුන්දර අතීතයක මතක එක්ක ගෙව්න මගේ පොඩි කලේ මට වෙච්ච ඇබැද්දියක් ටම මේ කියන්න යන්නේ ඇත්තටම ජීවිතේ කියන්න මාරම මාර මෙව්වා එකක් 

පොඩි කාලේ දාග කෙරුවම අඩමින් කරදර කෙරුවම අම්මලා තාත්තලා අපිට ඕන දෙයක් දෙනවා ඒ වගේම තමා එකේ අනිත් පැත්තත් වැරදි වැඩක් කරාම පස්සේ පන්න පන්න තමා ගහන්නේ මන් හිතන්නේ උබලටත් ඇති මට වගේම සෙට් වුන ලොවෙට් නැති අනුවේදනීය දුක හිතෙන කතා චුටි කාලේ අපේ ගෙදර එහා පැත්තේ උන්න රංග කියල මල්ලි කෙනෙක් පොඩි කාලේ ඉදන් එය n මම ගොඩක් ෆිට්


 දවසක් මම එයාව හැපුවා ටිකක් සැරට කටේ තියන සෙට් එකම පිටේ හිටලා ඔය time එකේම මගේ ආදරණීය තාත්තත් ගෙදර ආවා වැඩ ඇරිලා so කට කියන්නද මේ දුක අම්මත් දැන් එහෙ ගිහින් අරුව නලවනවා උත අඩනවා අඩන්න එපා කියන්න කියන්න මාර සීන් එක අම්මත් ගෙදර නැටි හින්ද තාත්ත ආවානේ එහාට මාර රස ටොෆි එකක් තමා මට සෙට් උනේ තාත්ත ආව ගමන් ඇහුවේ මොකෝ seen corn එක කියලා කියලා කට ගන්න හම්බුනේ නැ එයට වැඩේ මීටර් උනා ගියා  වට ගාවට ගත්තා කොට්ටක් කඩලා එත් තාත්තාට වඩා හොදට මම දන්නවනේ කොට්ට ගත්තේ ගහන්න මිසක් අතට අරන් හුරතල් කරන්න නෙමේ කියලා මමත් බුදුන් වදින ඇත දෙකෙන් කකුල් දෙකට වැද වැද අපේ ගෙදරට දිව්වා තාත්තාත් mission impossible වගේ game එක අත ඇරියේ නැ රා බීපු නාලාගිරි බුදුහාමුදුරුවන්ට ගහන්න දුවන් එනවා වගේ පන්නනවා මගේ පස්සෙන් මමත් මොනවත් නැ වෙඩි කාපු හවා වගේ දුවනවා කොහොම හරි තාත්තට අහු උනා අම්මගෙන් බීපු රන් කිරි අමතක වෙන්න ගැහුවා සිරා ෂොට් ටික නිදන්න බෑ පිට කීරි ගැහෙනවා අම්මා පැනලා බෙර ගත්තේ නැත්තන් sry .com කොහොම හරි අරුගේ ඇඩිල්ල නතර උනා ඒකට දැන් උ හිනා වෙනවා මම අඩනවා පිට හරහා වැදුන පාරවල් ලස්සනට මතු වෙනවා කොහොම හරි එදා දවස මට සුන්දර මතකයක් උනා තාමත් අරුව දැක්කම මතක් වෙන්නේ අර සීන් එක

Saturday, January 28, 2012

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලානපුරු වී ඔයා මා සලලෙකුට සම කළාසුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනායකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනාවිඳින වේදනා මදි මට නගයි චෝදනාඋහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනාපිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලාබලා උනිමි අසරණ වී කඳුළු සඟවලානොදැන ඔබ එදා මට බැන වදින්නට ඇතිජාති ජාති වත් තරහක් මගේ නම් නැතිඑදා යුද බිමේ මතකය ඔයාටත් ඇතිසදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

වෙන්වෙන්නවාදෝ ළන්වූයේ

වෙන්වෙන්නවාදෝ ළන්වූයේ
ළන්වෙන්නවදෝ වෙන් වූයේ
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ළඟටම එන්නම් ......

දෙන්නා උන්නේ රන්‍ රස සේ පෙම් අරනේ
ආදරේ තාරකා සෝ වලාවේ හැංගුනේ ...

වෙන්වෙන්නවාදෝ ළන්වූයේ ....

කැන්දා රන්දා රජ දහනෙ පෙම් රජදහනේ
ඈ සිතේ මා කෙරේ මෝදු වේවා ආදරේ .......

වෙන්වෙන්නවාදෝ ළන්වූයේ .....

රන් කරඬුවක් වගේ රකින්නම් .....

ආයෙ කවදාවත්ම ඔයාව දකින්න වෙන එකක් නෑ නේද ..? මගෙ ඇස් දෙක අන්ධ වෙල තිබුණ නම් හිත හදා ගන්න තිබුණ ...ඒත් මං කොහොමද ඔයා නොදැක ඉන්නෙ
මේ ඇස් පෙනි පෙනි මං ඔයාව හොයන් එන්නද ....?
මේ ජීවිතයේ දුක දරන්න බැහැ මගෙ හිතට තනියම
පුළුවන්නම් ඔයාගෙ ආදරේ දෙන්න රන් කරඬුවක් වගේ රකින්නම් .....

Friday, January 27, 2012

ආදරේ කියන වචනෙ හැමෝටම එක උනාට ඒක කරන විදිය වෙනස්ද ඇත්තමයි මට තේරෙන්නෙ නෑ ඔයා මාව දාල වෙන කෙනෙක් ගාවට ගියෙ ඒ වෙනස බලන්න වෙන්න ඇති මටත් කියල දෙනව ද ඉස්සර වගේ ආයෙ ළංවෙලා.එන්න මමත් කියල දෙන්නම්ආදරේට ආදරේ කරන්න ...

"ඔබ වෙන්වගිය බවක් මට තවම හිතුනෙ නෑ
ඔබ හැර වෙනත් කෙනෙක්
මම සිතින් පතන්නෑ ....
මුළු ලොවම නැති උනත් හඬන්නෙ නෑ
මට ඔබව නැති උනොත්නම් එය දරා ගන්න බෑ "
‎ ඔයාව මට එපා කරන්න නේද ඔයාට ඕනවෙල තියෙන්නෙ.මාව ඔයාට කරදරයක් උනේ නෑ කියලයි මං හිතන්නෙ.ඊයෙත්,අදත්,හෙටත් ඒක එහෙමයි.ඔයා මාව දාල ගියාට වරදක් නැතුවම ආදරේ කරනව ඇරෙන්න හිතින් මං ඔයාට කවදාවත්ම කරදරයක් වෙන්නෙ නෑ.
මගෙ හිත මට කරදරයක් උනත් ඔයාට වෙන්නෙ නෑ ඔයා හදාගත්තු ලෝකෙ සතුටින් ඉන්න ....

ආයේ අපේ අමිහිරි මතකය සිහිපත් කරනු එපා
කවදා හෝ යළි හමු උන විටදී ආදරේ තාමත් මටදැයි අසනු එපා

මතක් කර කර හඬයි නෙතු කඳුළ

ඔයා කෑවද කියල අහන්නෙ කවන්න නම් නෙවේ .. ඇඳන් ඉන්න ඇඳුමෙ පාට අහන්නෙ මං ආසම පාට කියල කියන්න නෙවේ ...
ඔයා කාලද ඉන්නෙ කියල අහන්නෙ මට කන්න
ඇඳුමෙ පාට අහන්නෙ මතක් කරද්දි ඒ පට ඇඳුමක් ඔයාට අන්දවන්න
ළඟ නෑ ගොඩාක් දුරයි හිතට නෙතට ..
මතක් කර කර හඬයි නෙතු කඳුළ ...පර උනා රතු රෝස මල් සුවඳ

සිනා සෙනු මා දෙස බලා

බලා ඉන්නෙමි අහිංසක ලෙස
තවම ඔබ මඟ එයි කියා ...
දෑස කීවෙමි යළි නොයෙන වග
කඳුළු පොකුරක් බිම් හෙලා ...
දිනෙක ඔබ මා මුණ ගැසෙනු ඇත
යනෙන මඟ තොට හමුවෙලා ...
කිසිදු කිසිවක් නොඉල්ලමි මං
සිනා සෙනු මා දෙස බලා ...

Wednesday, January 25, 2012

බොරු කියන්න එපා රැවටෙන්නෙ ඔයාමයි

‎ මමත් මගෙ අසරණ හිතත් ඔයාට දොස් කියන්නෙ නෑ දෛවය මේක වෙන්න ඇති ඔයා තමයි කිව්වෙ මැරෙනකල්ම මගෙ මතකය ඔයාව දාල යන්නෙ නෑ කියල.මං සද්ද නැතුව උන්න ඒත් කෝ ඔයා? මගෙ මතක?... බොරු කියන්න එපා රැවටෙන්නෙ ඔයාමයි ආදරේ මමයි ඔයාට ඔයා මගෙ නොවුනත් තාමත් .........

අබැටක් තරමට අහිතක් ඔබ ගැන නැත මසිතේ රැඳිලා
මෙතුවක් ඔබ මා බැඳිපෙම නිමවිය එය සිහිනෙකි මතුදා

Tuesday, January 24, 2012

ලොවෙත් නෑ ◄≈► ණය ගෙවීම ◄≈►


ලොවෙත් නෑ

◄≈► ණය ගෙවීම ◄≈►

දිනක් තරුණ පුතෙකු තම මවට මෙසේ පැවසීය...

''අම්මේ, අම්මා මම වෙනුවෙන් කරපු හැමදේටම ණය ගෙවන්න මට ඕන. මට මොකද්ද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්?''

''මගේ පුතාට කවදාවත් ඒ දේ කරන්න බෑ පුතේ, අනික මම කවදාවත් පුතාගෙන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.''

''එහෙම කියල බෑ, මම කැමතියි අම්මා මම වෙනුවෙන් කරපු හැමදේටම ණය ගෙවන්න.''

දිගින් දිගටම තම පුතුගේ පෙරැත්ත නිසාම ඇය මෙසේ පැවසුවා...

''හොඳයි, එහෙනම් පුංචි කාලේ වගේ අද රෑ මම ලඟම නිදා ගන්න ඕන''

එය එතරම් දෙයක් නොවන බව හැඟුණු පුතුද එයට කැමති වුනා...

''හොඳයි අම්මේ, ඒක අම්මට සතුටක් වෙනව නම් මම කැමතියි අම්මට තියෙන ණය පියවන්න ඒ දේ කරන්න''

එදින රාත්‍රියේ පුතු අසලින් නිදාගත් ඇය, පුතු නින්ඳට වැටුණු පසු වතුර ජෝග්ගුවක් ගෙන විත් ඒ වතුර ඔහු නිදන ඇඳ ඇතිරිල්ල පුරාවට විසුරුවා හැරියා. නින්ඳෙන්ම දැණුනු සීතලත් සමඟම ඔහු ඒ තෙත ප්‍රදේශයෙන් මදක් ඈත් වී නැවත නින්ඳට වැටුණා. ඇය නැවතත් වතුර ජෝග්ගුවක් ගෙනවිත් ඔහු ඒ වනවිට සිටි ඇඳ ඇතිරිලි කොටසට විසුරුවා හැරියා. මෙවර ඇහැරුණු ඔහු එක්වරම දුටුවේ තම මව වතුර ජෝග්ගුවක් ද ඇතැතිව ඔහු අසල සිටින අයුරුයි.

''මොකද්ද අම්මේ මේ කරන්නේ? පිස්සු හැදිලද? ඇයි මට නිදාගන්න දෙන්නේ නැත්තේ? මම කොහොමද මේ තෙත ඇඳේ දැන් නිදාගන්නේ?''

සිහින් සිනහවක් මුවඟට නගා ගත් අම්මා මෙසේ පැවසුවා...

''පුතේ, පුතා පුංචි කාලේ මම ගාව නිදා ගනිද්දී පුතා ඇඳේ තෙමා ගන්නවා, ඊට පස්සේ මම පුතාගේ තෙත ඇඳුම් මාරු කරල, පුතාව ඇඳේ තෙත නැති පැත්තෙන් තියලා, මම පුතා තෙමපු පැත්තෙන් නිදා ගන්නවා. පුතාට මේ අම්මා කරපු දේට ණය ගෙවන්න ඕන නම්, පුතාට එක රාත්‍රියක් මේ තෙත මෙට්ටෙම නිදා ගන්න වෙනවා. එහෙම නිදා ගත්තොත් මම පිළිගන්නවා පුතා මම වෙනුවෙන් හැම ණයක්ම ගෙවා දැම්මා කියලා''

පුතුගේ දෙනෙත් කඳුලින් බරවී යද්දී ඇය තම පුතුව තම උණුසුමට ලං කරගත්තේ අසීමිත වූ සෙනෙහසිනි...

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩූ මගේ අම්මා... දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජීවිතෙන් මා.

ඔයාට මට ආදරේ වෙන්නෙපා මං ආදරෙයි ඔයාට ඒ ඇති

මට පුළුවන් පරාජය පිළිඅරන් ඔයාගෙන් අයින් වෙන්න ඔයාට මගෙන් අයින් වෙන්න හේතුව කියන්න පුළුවන් නම් කොල්ලො කෙල්ලො වගේ නෙවේ හිතේ තියන් දුක හිතින් විඳවන්නෙ ඇඳුම් මාරු කරනව වගේ ආදරේ මාරු කරන්නෙපා එහෙම වෙද්දි දවසක ඔයා තනි උනාම ගොඩාක් දුක හිතෙයි ඔයාට මට ආදරේ වෙන්නෙපා මං ආදරෙයි ඔයාට ඒ ඇති

Sunday, January 22, 2012

ආදරය කියන අකුරු හතර ඇයි මට මෙච්චර වද දෙන්නෙ.ඒ අකුරු හතරට මුවාවෙලා ඔයා මට මාවත් නැති කරා හැමදේම නැති මට අඩුම ගානෙ හිතේ සතුටවත් දෙන්න පුළුවන්නම්ඔයාගෙ ඔය පේන ළස්සන ඔය හිතෙත් තිබුණ නම් අනේ අපේ ලෝකෙ කොච්චර ලස්සන වේවිද ....?
ඉකිබිඳ බිඳ ඔබ හඬා වැටෙන හඬ යළි ඇසුණා රැව් පිළිරැව් දී
උණු කඳුළක ලුණු රස දැණුනා මට ඔබගේ දෙකොපුළ් සිපගද්දී
ආදරේ කරන්න බය උන එක එදා මං සාධාරණයි නේද ?කොල්ලෙක් උනත් ඔයාට ආදරේ කරන්න මම දෙපාරක් හිතුව..ඒත් මගෙ මෙ හිත ඉස්සර උනා.මට ඔයාව නැතුවම බැරි උනා.කෑවද බිව්වද කියල අහද්දි ඔයා අම්ම කෙනෙක්දැක්ක ඔයාගෙන් මං..ජිවිතේ හරි පුදුමයි.
මට අසනීපයක් උනත් ඒක ඔයාට උනා වගේ නෙද උන්නෙ ඔයා මට මතක් කරන්න බෑ ඒ අතීතේ ........................

දුක දරුණු නිසයි ආදරයට එදා බිය උනේ ඔබ අහිංසකව ආදරයේ මුල් පොත කීවේ ...

ටිකක් නෙවේ ගොඩාක් මහන්සී මට ආදරේ සොයා ගිහින්.කාගෙවත් නොවෙයි මගේම ආදරේ.කිසිවෙකුටත් එපාවූ ඇයට පමණක් අවැසිවූ ..මගේ ආදරේ මට මාවත් නැති කෙරූ ...

අතීතය හීනයක් වෙද්දි අනාගථයට ඔයා ගීතයක් වෙන්නෙපා රත්තරං ........
පාලුව කළුවරක් අරන් ආදරේ මා දමා යද්දි පැන් පොදක් වෙන්න රත්තරං ...

නෑවිදින් ඉන්න මගෙ මතකෙට

හුස්මක් හුස්මක් ගානෙ
මගෙ උන ඔය ආදරේ ...
මාව දාල ගිහින් සුසුම් තියල
ආදරේ කියන ලස්සන වචනය
දුකක් කරල ..
සනසන්න නැලවෙන්න
මමයි නේද උන්නෙ ඉස්සර
ඔය හිත ළඟ ...
තනිම තනී මට ඔයා නැතුව
ආයෙ එන්න නෙවේ කියන්නෙ
නෑවිදින් ඉන්න මගෙ මතකෙට .....

අහස නම් දුරයි ..සඳ නේන වග සැබැයි

‎ ලද දෙයින් සතුටු වෙන්න ඉර හඳ ඉල්ලල අඬන්නෙ පොඩිකාලෙ.දැන් ඔයා ලොකු ළමයෙක් ඔයා කොහොම කොහෙ හෙව්වත් ඔයාගෙ ආදරේ හම්බෙන්නෙ නෑ. ඔයා ඒ ආදරේටත් පයින් ගහල ඉවරයි පරිස්සමින් මොනදෙ කලත් මට මං ඔයාට ආදරෙයි ඔයාට ආදරේ ඕන උනොත් කියන්න තියන් ඉන්නෙ ඔයාටමයි ..
අහස නම් දුරයි ..සඳ නේන වග සැබැයි

Saturday, January 21, 2012

තනිවුනේ මමයි

දැනෙනව ජීවිතේම නැවතිලාවගේ.මෙච්චර දුක්දෙන ඔයාව එපා නොවෙන්නෙ ඇයි කියල මට තේරෙන්නේ නෑ.සල්ලිවලට,ළස්සනට,ආදරේ කරන ලෝකෙක අනේ මං ආදරේට ආදරේ කරන්නයි හිතුවෙ.වැරදුනේ මටයි .... තනිවුනේ මමයි ....

Friday, January 20, 2012

මේ කඳුළු ඔබටමයි

අපි පෙරුම් පුරල හම්බෙන දවස හෙටයි කියල තියෙද්දි රෑට මට නම් නින්ද ගියෙම නෑ.ඔයාට කියන දෙවල් හිතුව රැය පුරාවට.ඒ වගේ වෙලාවට මං ඔරලෝසුව කීපාරක් නම් බලන්න ඇද්ද එලිවෙන්නෙ නැද්ද කියල...හිතපු කිසි දෙයක් කියාගන්න බැරිවෙනව ඔය ඇස් ඉස්සරහෙ ....
ඔයාට නොකියපුව මතක්වෙද්දි අපරාදෙ කියලා ආයෙ හිතනව ඊළඟ දවසෙ කියන දෙවල්
අතීතයෙ දුක් වේදනා විඳපු
අනාගථයට ආදරය කරපු
මේ කඳුළු ඔබටමයි
අරන් යන්න අරන් ආවේ
ඔබට දෙන්නමයි

Wednesday, January 18, 2012

ආදරේ මොනවගේද

ඔයාගෙන් දැන් ඇහුවොත් ආදරේ මොනවගේද කියල ඔයා කියයි ආදරේ හරි සුන්දරයි,අපි ජීවත්වෙන්නෙ ආදරේ හින්ද,ආදරේ මිල කරන්න බෑ කියල.මං දන්නව ඔයා ගැන ඔයාටත් වඩා ..

ඔයා ඉස්සර මට කිව්වෙත් ඔහොම ඒත් ඔයා ජීවත් කරවපු ආදරේ හින්ද මැරි මැරි උපදින්නෙ විඳවන්න ඕන කාලෙ ආදරේ මං විඳවන හන්දයි ...........

දෙතොල් නම් ගොලුයි මුවකමල මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන ගියා
නුඹ රහසින්න් ඇවිත්
මගේ ලොවම හීනයක් කලා .......
මේ බිත්ති හතර මැද්දෙ ඔයා වෙනුවෙන් හෙලන සුසුම් අච්චරයි මෙච්චරයි කියල කියන්න බැහැ.තනියම ඉද්දි දැනෙන තනිකම මකාගන්න යාළුවො හම්බෙන ගියාම කොච්චර අය උන්නත් ඒ තනිකම මාව දාල නොයන හැටි ..................
පරාජිතවෙලා අන්ත අසරණයි රෝස වසන්තය මහද පැතූ
ශාප දෙන්න බෑ වෙන්වගියත් ඔබ තාම අදරෙයි ඔබට සුදූ ....

ඉස්සර ආදරේ සුවඳ

පරක්කුවෙලා හරි මට මං කැමතිදෙවල් ලැබෙනව.ඒ උනත් ළඟ රැඳෙන්නෙ හිතාගන්නවත් බැරි තරම් අඩු කාලයයි.ඔයාවත් එහෙමයි සුළඟක් වගේ ඇවිත් හැමදෙම උදුරගෙන යන්න ගියා ....
තාමත් බලාගෙන ඉන්නෙ මං.....කුණාටුවක් වෙලා එනකල් නෙමෙයි.අර ඉස්සර ආදරේ සුවඳ අරන් එනකල් ............

මටම විතරක් ඇයි දෙයියනේ .......

 කවදාවත්ම නැති පාළුවක් දුකක් දැනෙන්නෙ ඇයි මේ මට.ජීවිතේ හැරිල බලද්දි ලැබුණ දෙවල් වලට වඩා නොලැබුණ දෙවල් වැඩී.ඒත් එක දෙයක් ලැබෙද්දි අනිත් හැමදේම නැතිවෙන්නෙ මටම විතරක් ඇයි දෙයියනේ ...........

කවුරුත්ම නෑ අහන්න
කිසිවෙකු නෑ කියන්න
මුළු මුහුදක් මදි නිවන්න
හිත ඇවිලෙනා ගින්න ...

දුබල එළිය ඇති පුංචි කාමරේ තනියහනක තනිවෙලා ආදරේ
හිතේ කිසිතෙතක් නැතිව මා කෙරේ අරන් ගියා ඔබ ඔබේ ආදරේ
මීවිතකට ලොල්වී අපිලිවෙලයි අදමා

Tuesday, January 17, 2012



බලං හිටියා... හුගාක් කාලයක්.දන්නවද,දින,සති මාස ගෙවිලා ගිහින්.අද වෙනතුරුම මං බලං උන්නා මේ තරම් කාලයක් ඉවසීම කියනෙක තිබුනද කියලා මටවත් හිතාගන්න බෑ.විශ්වාස කරන්න... ඔයා වෙනුවෙන් තවත් බොහෝ කාලයක් වුව බලාන ඉන්න තරන් ඉවසීමක් මට තිබුනා.එය නිෂ්ඵල දෙයක් නොවුනා නම්.

අහන්න.....අද මුණ ගැහෙයි හෙට මුණගැහෙයි කියලා බලාපොරොත්තුවෙන් දින ගෙවිලා ගියාට ඒ කවදාවත්ම ඔයා ආවෙ නෑ..මුණ ගැහුනෙත් නෑ.ඒ ගෙවිලා ගිය හැම දවසකම හැම මොහොතකම මගේ හිත හඩා වැටුණු තරම ඔයා නෙවෙයි කවුරුවත්ම දැන උන්නෙ නෑ.ඔයා දන්නවද.මගේ හිතින් ඔයා ගොඩක් ඈතට ගිහින්.මේ හිතේ දැන් නුඹ වෙනුවෙන් සෙනෙහසක් නෑ.සත්තකයි..ඒත්....ඒත්....එකම එක වතාවකට...පුංචිම පුංචි තත්පරයකට ඔයාගෙ ඔය මුහුණ බලන්න තිබුනා නම්.ඇත්තමයි හිනා නොවුනත්,කතා නොකළත්,මං දිහා නොබැලුවත් මං අහිතක් නෑ.

දන්නවද මේ හිතේ දැන් ඔයා ගැන අංශු මාත්රතයක්වත් හැගීමක් නෑ.එහෙම වෙන්න අපි අතරෙ ලෙංගතුකමක්වත් සුහදත්වයක්වත් තිබුනෙත් නෑ.ඒත්.... අතීතයේ එක්තරා කාලයකදි මං තනිවම ඔයත් එක්කලා කතා කලා..ආදරේ වුනා මහා හුගක්.බොහොම පිරිසිදු නොකිලිටි ඒක පාර්ශ්වීය ප්රේේමයක් එය.ඒත්....එය ප්රේසමයක් නොව මුලාවක් බව දැනෙනකොට මං හිතින් හුගාක් දුර ගිහින්.ඒ ආදරයට අරමුණක් අරුතක් නෑ කියලා හිතෙද්දි මං මගේ හදවතට පැරදිලා අවසානයි...ඒ දෛවය ද නොලැබීමද කියලා මටවත් තේරුම් ගන්න බෑ.වැරදි ඔයා නෙවේ මමයි..

ඒත්..අහන්න අදටත් නුඹ හිතට එන හැම මොහොතකම මහා මූසල පාළුවක්,කියාගන්න බැරි තනිකමක්, හිස් බවක් හිතට දැනෙනවා. විශ්වාස කරන්න ඒ එකදු මොහොතකටවත් ඔයා ගැන අහිතක් හිතෙන් නෑ මට. ඇත්තමයි.... ඒක පාර්ශ්වික ආදරය කියන්නෙ සදාකාලික දුකක්...වේදනාවක්. ආයෙම වතාවක් ඒ වරද මගේ අතින් වෙන්නෙ නෑ කියලා හිතද්දි ඔයා ඇවිත් හිත අස්සෙ පැල පදියම් වෙන්නෙ ඇයි.? ඒ.... තවමත් ඔයා මගේ හිත පතුලෙ ජීවත් වෙන හින්ද ද....?

Monday, January 16, 2012



හිත යටට වෙලා ඉන්න
කාත් කවුරුවත් නැති මගෙ...
ඉඩ ඉල්ලන්න එන්නෙ නෑ
මේ හිත ඔයාගෙ විතරයි
හිතේ උන්නට නෙතින්
එළියට එන්න නම් එපා
කඳුළක් වෙලා දුකම දුක
අතරමංවෙලා ජීවිතෙන්
සුව සොයන්නෙ මං ආදරේ
සනසන්න ඕන තරම්
හිතයි දන්නෙ කොහොම කිව්වත්
ආදරේ දුක ජීවිතේ බර .........
හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්
වැලපෙන්න බැරි හිතට මේහැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස්දෙක තරම් .....
ඔයා වගේ මට ලෝකෙටම ඉන්නෙ ඔයා විතරක් හින්ද.ඔය රුවම හිතේ මතක හිටල සදහටම.මංවත් දන්නෙ නෑ මං කොහොමද මටත් වඩා ඔයාට ආදරේ උනේ කියල .........
කොහොම උනත් මම දන්නෙ මට හිටියෙ ඔයා විතරයි .......

මගෙ ජීවිතෙත් හරියට සරුංගලයක්

මගෙ ජීවිතෙත් හරියට සරුංගලයක් වගේ.ඔයා ඔයාට ඕන තරම් උඩයවල එපාවෙද්දි නූල කඩල දාල ඔයා යන්න ගිහින්.....මමත් කොහේ හරි වැටෙයි.ඒ වැටෙද්දි ගොඩාක් දුක හිතෙයි.ඔයා අතේ තවත් මං වගේම සරුංගල් දැවටෙද්දි. හිත් රවට්ටන එපා හිත් බිඳුනම ගොඩාක් දුකයි.ඔයානම් නොදන්නව ඇති ඒත් බලන්නකො ඔයාට උනහම
ඔයා ගැම මං ගැන ගොඩාක්වෙලා හිතද්දි ඔයා නැතුව මොකට ජීවත් වෙන්නද කියලත් හිතෙනව. ඔයා නැති උනොත් මං මැරෙනව කියල ඉස්සරනම් කිව්වෙ මම බොරුවටඒත් ඒ බොරුව දැන් ඇත්තක් වගේ.ඒ කියන්නෙ මම ඔයාට ඇත්තටම ආදරේ වෙලා නේද ?මං වෙණුවෙන් මැරෙන්න උන්න ඔයා අද තව කෙනෙක්ගෙ ආදරේ වෙලා පුදුම ලෝකයක් ...............

පෙර දිනෙක මා හා සෙනෙහෙන් බැඳීලා
පැතු පෙම් පැතුම් බිඳ හෙලාලා ..
මාගෙන් මිදී වෙනතක් බලාලා
පියමන් කලේ ඇයි ළඳේ .....

සුදුපාට සේලයෙන් සැරසී සිනා මුවින්
සරනේ බැඳී ඔබ ගියේ
මා තනිවෙලා ලොවේ
කඳුලක් නැගී නෙතේ සිත වේදනාවෙන් පිරේ .....
දවසෙම නිදා ගත්තෙ කම්මැළි කමට නම් නෙවේ..මුළු රෑම නින්ද නොදී ඔයා හිත අද්දර තනිරැකපු හන්දයි.අපේ මුල් හමුවීම ඉඳන් වෙන්වීම වෙනකල්ම මං හිතුව,කල්පනා කරා ඒත් හමුවුනේ නෑ ඔයා මාව දාල ගියෙ ඇයි කියල ...........

නින්දේ නොනිඳන දෑස මගේ
විමසයි රුවම ඔබේ
ලොවටම සඟවන රහස මගේ
පවසමි ඔබටයි ආදරේ .......

එකමත් එක රටක

එකමත් එක රටක හිටපු කුමාරයෙකුයි කුමාරිකාවකුයි ගැන නොවුනත් මේ කතාවේ එන කතාවත් හරියට හීනයක් වගේ...
 කොල්ලට මේ කියන කෙල්ලව හමුවෙන්න කලින් ඒ කොල්ලගේ ජීවිතේ හරිම වෙනස්.හැමදේම එයාගේ හිතුමතේට කරපු එයාගෙම ලෝකෙක එයාට ඕන විදියට ජීවත් වුන කෙනෙක්.එත් මේ කියන කෙල්ලව හමු වුනාට පස්සේ ඒ සේරම වෙනස්වුණා.ඒ කොල්ලටත් හිතාගන්න බැරිතරමට එයාව වෙනස්වුණා...
ඒ කෙල්ල හමුවීමත් හරිම අපූරු දෙයක්.මීට කලින් කවදාවත් කොහෙදිවත් නොදැක FB එකෙන් එකපාරටම හමුවෙලා ඒ කොල්ල කිසිම කෙනෙක්ට හිතාගන්නවත් බැරි තරමට ඒ කෙල්ලට ආදරෙන් කරා..
එයා ආදරේ කලා...ඔව් ගොඩාක් ආදරේ කලා.එයාගේ පණටත් වඩා ඒ කෙල්ලට ඒ කොල්ල ආදරේ කලා...
ඒ ආදරේ හරිම පුදුමාකාරයි...
සමහරු එක එක විදිහට තමන්ගේ ආදරේ පෙන්නනවා.එත් මේ ආදරේ කරපු කෙනා එහෙම මුකුත්ම කලේ නෑ.ඒ ආදරේ අඩුකමකටනම් නෙමෙයි, ඒ එයාගේ ආදරේ ආදරේ කියන වචනයට විතරක් කොටු උනේ නැතිනිසා.ඒ ආදරේ එයාගේ ජීවිතේම වුණා.මේ මුළු ලෝකෙම වුණා.ඒ තරමට ඒ කොල්ල ඒ කෙල්ලට ආදරේ කලා... 
එත් ටික දවසක් යනකොට මේ ආදරේටත් සාමාන්‍යයෙන් වෙන අයට වෙන දේම වෙන්න පටන්ගත්තා.ඒ තමයි මේ කෙල්ල මේ කොල්ලට ආදරේ කරේ නෑ කියලා ඒ කෙල්ලගේ කටින්ම අහන්න සිද්ද උන එක 
තාමත් මේ කොල්ල ඒ කෙල්ලට පනටත් වාඩා ආදරෙයි එත් කතාවේ දුක කියන්නේ අර කෙල්ල මේ කොල්ලට ආදරේ කියල තියෙන්නේ ඒ කෙල්ලගේ කලින් හිටපු පෙම්වතාව අමතක කරන්නලු ඔයාලට කියන්න මේ කොල්ලා කොහොමද එක හිතින් විදවන්නේ කලින් මේ කොල්ලට දුකක් හිතුනම කියන්න ඉස්කෝලේ ගිය යාලුවෝ හරි උන්න එත් දැන් ඒ කව්රුත් නෑ

මම මේ කොල්ලට දසුන් කියන්නන් කෙල්ලට හසිනි කියන්නන්
දවසක් ආදරේ කරපු ටික කාලෙට හසිනිට හිටන්නත් බැරි තරං දසුන් ගොඩක් ආදරේ කරා එත් එයාල ආදරේ කරන්න පටන් අරන් පොඩි කාලෙට දසුන් දන්නෙම නැතිව එයා එයාගේ ජීවිතේ වගේ විස්වාස කරපු ඒ හසිනි එයාව දල ගියා...
එයාගේ ජීවිතේ වගේ ආදරේ කරපු ඒ කෙල්ල එයට කියනවා "මම ඔයාට ආදරේ කරේ නෑ මම ආදරේ කරේ එකම එක්කෙනා අයියා (කලින් පෙම්වතා ) එයාගේ තැන ඔයාට ගන්න බෑ මම ඔයාට ආදරේ කරේ ඔය පව් හන්දා " කියලා මේ මොනදේ කිවුවත් හසිනි දන්නවා ඒ දසුන් එයාට කොච්චර ආදරේද කියලා 

එයාව දාල යන්නෙපා කියල පින්සෙන්ඩු වුනත් ඒ කෙල්ල එයාව ගණන්ගත්තෙ නෑ.එක මොහොතක් දෙන්නට දෙන්න නැතිව ඉන්න බැරිතරමට ආදරේ කරලා අන්තිමේදී ඒ කෙල්ලට තමන්ට පණවගේ ආදරේ කරපු ඒ කොල්ලව එපා වුණා... 

මට දසුන් ලගදිත් හම්බ වුන දසුන් තාමත් හසිනිට ආදරෙයි ගොඩක් අදටත් හසිනි දසුන් ගාවට අවොත් ඒ ඔක්කොම අමතක කරලා හසිනිට කලින්ටත් වැඩ ආදරේ කරන්න දසුන් කැමති දසුන් කියන්නේ "එය වැරදි නෑ.කවදාවත් මම මගේ හසිනිට වැරද්දක් කියන්නෑ.පව් එයාට තවම ජීවිතේ කියන දේ ගැන හරියට තේරුමක් නෑ.මගේ වැරැද්ද මමය් එයාට ආදරේ කරලා එයාව අසරණ කරේ මට බැරිවුණා එයා ආසකරන දේවල් දෙන්න.මට බැරිවුණා මම කොච්චර හිතින් ආදරේ කලත් එයාට දැනෙන්න ආදරේ කරන්න" කියල...
එයට එයාගේ වටේ ඉන්න අය "තමන්ට ආදරේ කරන කෙනෙකුට තමන් ආදරේ කරන්න" කියල මොන දේවල් කිවුවත් එයා තවමත් කියන්නේ "හිතන්නෙපා මට පිස්සු කියල, ආදරේ කියන්නේ පූජාවක්, එක ගොඩක් උතුම් දෙයක් අපි කොච්චර ආදරේ කලත් ඒ වෙනුවෙන් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න අපිට අයිතියක් නෑ.ඒ වගේම මම එයාට ආදරේ කලෙත් කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.එයා මට ආදරේ නැති එක වෙනම දෙයක්.එත් මම මගේ හිතින් හැමදාමත් එයාට ආදරේ කරනවා.ආදරේ කියන්නේ තමන්ගේම කරගන්නවා කියල හිතාගෙන කරන දෙයක් නෙමෙයි.මට එයා ගැන තියෙන්නේ ආදරයක් මිසක් ලබාගැනීමේ ආසාවක් නෙමෙයි" කියල...
මන් කියපු ඒ කතාව ඔයාලා කියවලා බලලා තිරණය කරන්න ආදරේ කියන්නෙ මොනවගේ දෙයක්ද? ඒක කොයි වගේ දෙයක්ද? කියලා කවදා හරි දවසක තේරේවි මේ මන් කියපු දේ ඔයාලා කවදා හරි ඒ දේට මූන දෙනවා අනිවාර්යෙන්ම කවුරු මොන දේ කිවුවත් එක තමා ඇත්තම ඇත්ත කතාව ඒක පුදුමාකාර දෙයක් අපි ඇත්තටම ආදරේ කරන කෙනට ඒක නොතේරෙන එක ඇත්තටම ලොකුම ලොකු දුකක් කොල්ලො වුනා කියලා අපේ හදවත් ඇත්තටම ගොඩක් අහින්සකයි ඒත් කෙල්ලන් හිත් මල් වගෙ කිවුවට ඒවා අපේ හිත් වලට වඩා තද හිත් කවදා හරි ඉතින් අපි අපිව තෙරුන් ගත්තහම හරි ජීවිතෙ කියන්නෙ ගලාගෙන යන ගඟක් වගෙ අපට බෑ ඒක එහාට හරවන්න මෙහාට හරවන්න ඒක ඔහේ ගලාගෙන යන්න දෙනවා මිසක් වෙන කරන්න කිසි දෙයක් නැ කවුරු මොනවා කිවුවත් අපි ආදරේ කරන කෙනාට විතරමයි අපි ජීවිත කාලෙටම ආදරෙ කරන්නෙ ඒක ඉතින් ඉර හඳ වගෙ දෙයක් ඉතින් ඔයල මන් කියපු දේ මතක හිටින තැනක ලියලා තියගන්න කවදා හෝ දවසක මන් කියපු දේ අත්තක්ද බොරුවක්ද කියල ඔයල ඔක්කොටම තෙරෙවි මේවා හඩවතෙ කොනක ලියල තියා ගන්න ඉතින් ඔයාලට සම්මා සම්බුදු සරනයි කියන කරන හෙම දෙයක්ම හරි යන්න කියල මම ප්‍රර්තනා කරනවා








ළිහිණිය සේ දුර පියාසලාලා අත්තටු රිදුණා පමණයි
දෑන විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ .....

ඔයා ආසම සිංදුව උනත් මට තේරෙද්දි වෙන්න තියෙන දෙවල් වෙලා ඉවරයි .ඔයා නොකිය කිව්වෙ ඔයා මගෙ විතරක් නෙවේ කියල නේද ?මට කියන්න හිරුයි සඳුයි ගෙන් මම හිරුද සඳුද කියල මට ඒ හොඳටම ඇති හිත හදාගන්න .............

මමත් ආදරේ කරා ඔයාට මටත් වඩා

මල් ළස්සනයි,සුවඳයි කියන්නෙ ඒ මල ගහේ තියෙනකල් විතරයි පරවෙලා බිමට වැටුනම ඔහේ පයට පෑහිලා පොඩිවෙලා යනව.ඔයත් මට ආදරේ,ඔයා මගෙ පණ කියල අන්තිමට මගෙන් පැත්තකට උනා..අද මං ඉන්නවද කියලවත් දන්නෙ නෑ.දවසක මම සමුගනීවි මේ ලෝකයෙන්.මතක් වේවිද මමත් ආදරේ කරා කියල ඔයාට මටත් වඩා .............

කඳුලැල්ලකින් හසරැල් මකා
බොඳවී ගිහින් අප පෙම් කතා
උරුමේ ලෙසින් දැන් වෙන්වෙලා
යනෙනා ගමන් හමුවන්නෙපා ..............

අරන් යන්න අරන් ආවේ ඔබට දෙන්නමයි

අපිව දෙපැත්තට කරපු කාලයම අපිව ආයෙ එකතු කරයි කියල හිතනවද ඔයා.මං හිතන්නෙ නෑ ඒක එහෙම වෙයි කියල.මට ඒක තේරෙනවනම් ..මගෙ හිතට ඒක නොතේරෙන්නෙ කොහොමද ඒ කියන්නෙ මේ හිත මගෙ නෙවේ ඒකත් ඔයාගෙ වෙලා .............

අතීතයෙ දුක් වේදනා විඳපු
අනාගථයට ආදරය කරපු
මේ කඳුළු ඔබටමයි
අරන් යන්න අරන් ආවේ ඔබට දෙන්නමයි ......
මම ජිවිතය පුරාවට හොයපු
හුගාක් දේ ඔය හිත පුරාම
ගැබ් වෙලා තියෙනවා දැක්කා.
මිල මුදල් එකතු කරගෙන
ආදරේ හොයන් යන්න
මට ඕන උනේ නෑ.
මම නුඹට ආදරෙ කලේ
නුඹ කාගේ කවුද.?
ඉන්නේ කොහෙද.?
කරන්නේ මොනවද.?
කියන කරුණු කාරනා
හොය හොයා නෙවෙයි.
කාලයා මහ හයියෙන් ඉගිලිලා ගියා.........
මම තාමත් බලන් ඉන්නෙ
නුඹ එන පෙර මගයී...
කාලයා ඉගිලුනාට, පිපෙන මල් පර උනාට
නුඹ එ දේ දැක්කට
මම මග බලන් ඉන්න වග නම්
දැනෙන්නේ නැතුව ඇතී .
මතක් වුනු දවසක එන්න
මම තාම මඟ බලන් ඉන්නවා.....




‎ ඉර බැහැගෙන යද්දි
සඳ පායගෙන එනව වගේ
ඔයා ආදරෙන් උන්න කාලෙත්
මගෙ ලෝකෙ දුක සතුට දෙකම තිබුණ.
අද ඉරත් හඳත් නැතුව කරුවලම වෙලා ගිහින්.
කවදාවත් ඉරක් හඳක් නැති ලෝකෙක තනිවෙලා .........
අද මගෙ ලෝකය කඳුළින් පිරීලා
ඔබගේ ලෝකය මිහිරෙන් පිරේ
ඒ ලොව කිසිදා සිඳලනුඑපා
මා වෙනුවෙන් ඔබ ලැතැවෙනු එපා
මොනා උනත් මේ ජීවිතෙත් ගලාගෙන යනව හැපි හැපී..ඒ අතර ඔයාවත් මතක් වෙනව දුකත් හිතෙනව කඳුළුත් එනව.ඒත් මං ජීවත් වෙනව.මොකද මේ මිනිස් ආත්මෙ ආයෙ හම්බෙන එකක් නෑ.ඒ හින්ද මම ජීවත් වෙන්නම්.මට ඔයාව නම් හමුවෙන්නෙපා දෙයියනේ.මට ජිවත්වෙන්න ආසයි ...............
මල් මිලාන වසන්තයේ
සුවඳක් කොහෙදෝ වසන්තියේ
ගලා හැලේ උණු කඳුළු
සඳ මුවා කරන් ඇයි වලාකුළු ...........


මගෙ ජිවිතෙ ඊයෙත් ඔයා,අදත් එහෙම උනත්,නූපන් හෙටටත් ඒක එහෙමයි.කවදාවත් තනිවෙන්නෙපා ඔයා.දුක හිතෙයි.ඔයා මාව තනිකරාට ඔයාට එහෙම වෙන්නෙපා කියල මං ප්‍රාර්ථනා කරන්නම් ...............





දෙදෙනා එක්වී දුර ගිය සෙනෙහේ
ඔබ පමණයි ලැබුවේ දිණුමක් ...
තිළිණය ලෙස මට ඔබගෙන් ලැබුනේ
ආගිය මතකෙක දිගු සුසුමක්.............

තනුව මමදැයි මට සිතෙයි ....

 මුළු රැයක් නිදිවරා වෙහෙසිලා
හදවතින් ඉකිගසා නොහඬලා
තවම නොලියූ තවම නොගැයූ
විරහ ගීය නුඹයි
තනුව මමදැයි මට සිතෙයි ....

Sunday, January 15, 2012




ඔයා නම් නිදි ඇති තාම.මමත් නිදි වගේ උනාට ඇහැරිලා.අද දවස ඔයාට තවත් ලස්සන දවසක් නේද ?හිතන්නෙපා අද නෑදෑයො ගොඩාක් බලන් ඇති ඔයා එනකල්.ළස්සනට යන්න ඕන හොඳද ?මං තරහ නෑ ඔයත් එක්ක කවදාවත්ම.අදින් පස්සෙ මාව නම් දකින්න වෙන්නෙ නැතිවෙයි ඔයාට.ඔය ඇස් ඉස්සරහට මං එන්නෙ නෑ කවදාවත්ම.සතුටින් ඉන්න ..

අදින් පසු සිත ඔබේ අහිමිවන බව දනිම්
සසර මතු භවෙක හෝ නේන බව දනිම් ...........


මගෙ ජිවිතෙ ඊයෙත් ඔයා,අදත් එහෙම උනත්,නූපන් හෙටටත් ඒක එහෙමයි.කවදාවත් තනිවෙන්නෙපා ඔයා.දුක හිතෙයි.ඔයා මාව තනිකරාට ඔයාට එහෙම වෙන්නෙපා කියල මං ප්‍රාර්ථනා කරන්නම් ...............





දෙදෙනා එක්වී දුර ගිය සෙනෙහේ
ඔබ පමණයි ලැබුවේ දිණුමක් ...
තිළිණය ලෙස මට ඔබගෙන් ලැබුනේ
ආගිය මතකෙක දිගු සුසුමක්......
මොනා උනත් මේ ජීවිතෙත් ගලාගෙන යනව හැපි හැපී..ඒ අතර ඔයාවත් මතක් වෙනව දුකත් හිතෙනව කඳුළුත් එනව.ඒත් මං ජීවත් වෙනව.මොකද මේ මිනිස් ආත්මෙ ආයෙ හම්බෙන එකක් නෑ.ඒ හින්ද මම ජීවත් වෙන්නම්.මට ඔයාව නම් හමුවෙන්නෙපා දෙයියනේ.මට ජිවත්වෙන්න ආසයි ...............

මල් මිලාන වසන්තයේ
සුවඳක් කොහෙදෝ වසන්තියේ
ගලා හැලේ උණු කඳුළු
සඳ මුවා කරන් ඇයි වලාකුළු ...........

Friday, January 13, 2012

උබ හුරතල් පැටියෙක් වින්කෝ




මට මටකයි අපේ තාත්තා පොඩි පෙට්ටියකට දාලා ලණුවකින් බැදලා උබව බයිසිකලේ අරන් ආවා ආව වෙලේ ඉදන් බලන්න එපෑ උබේ තිබ්බ ගණන්කාර කම නිලූ අක්කත් ආවා උබව බලන්න ඒ තරං උබ හුරතල් පැටියෙක්




උඹ පුංචි කාලෙ උඹව මම හුරතල් කලා මතකයි. අම්මා බැන්න වෙලේ ට උඹේ කූඩුව ළගට වෙලා ඇඩුවා මතකයි. උඹ කැරකි කරකි වටේ දුවද්දි මමත් උඹත් එක්ක දිවුවා මතකයි. උඹ මාව ලෙවකද්දී ඒකට ඉඩ දීලා බලං උන්නා මතකයි. උඹගෙ ඔලුව අතගාද්දි තව තව මගේ ගාවට ආවා මතකයි.පස්සේ පහු වෙන්න වෙන්න උබ තමා මගේ මේ ලෝකේ උන්න හොදම යාළුවා උනේ වෙන මුකුට් ඕනේ නැ මගේම සහෝදරයා උනේ හිතට ආවා හෙම දුකකක්ම උබ එක්කනේ වින්කෝ මම කිව්වේ කාටවත් නොකියන දේවල් උඹත් එක්ක කිවුවා මතකයි. උබ ඒවා අහලා මගේ මුණ දිහා බලලා දුක අහගෙන උන්නා මතකයි ම‍ම පන්ති ගිහින් ගෙදර එද්දි මගේ ඇගේ දැවටි දැවටි මාත් එක්ක මගේ පස්සෙන්ම ආවා මතකයි. නංගි ඉස්කෝලේ යන්න වැන් එකට ගිහින් දාලා උබ ගෙදර දුවන් ආවා මටකයි උබ දුවන් අවේ නංගි ඉස්කෝලේ ගියා කියලා අපි දන්නවා තාත්තා මාවතට හැරුනම උබනේ දන්නේ තාත්තා එනවා කියලා දවසක් තාත්තා ගහලා සැර උබ තාත්තා සමාවවෙන්න වින්කි කියනකන්ම කැවේ නෑ මතකයි මතකයි උබ ගැන කියන්න ඒවා කොච්චර තියේද සීයට උබ කොච්චර ආදරේද උබට සීය කොච්චර ආදරේද එකනේ කාටවත් සීයව අල්ලන්න දෙන්නේ නැත්තේ අපේ නැති උබ තියන කාලගුණ සැලකීමට දෙන්න වචනයක් නෑ එකට මනුස්ස කම කියලා කියන්න බැනේ
අනාගථ පැතුම් අතීතයෙම මියගියෙ ඔයා හින්දයි.ඉතින් කොහොමද අපේ අතීතය ඔයාට කරදරයක් වෙන්නෙ.මමයි අමතක කරන්න ඕන.මට බැරිත් ඒකමයි.ඔයාටත් අමතක කරන්න ඕන කියන්නෙ එහෙනම් ඔයත් දන්නව අපිට කියලත් අතීතයක් තිබුණ කියල .............

අයාලයේ මා සිත ළඟ ගිමන්හරින්න
වනමලකට හිත කුමටද හීන දකින්න
පෙම් පුරවපු හිත අරගෙන ඈතක යන්න,ඈතක යන්න 
රිදී සඳේ මගෙ යහනට එපා වැටෙන්න ..............
නුඹ ළඟින් හිඳ සැනසෙන්න
හුරතළෙන් දඟ කරන හැටි
නෙතු පුරා දැකගන්න 
මටත් වඩා මගෙ දිළිඳු හිත 
මතකයි මට මඟ බැලුව ....
නුඹ තුරුළෙ ගුළි වෙන්න
කියව කියවා අපේ ගැන
හිත පුරා විඳගන්න
පිං මදිව ලතැවෙන්න
මට දුකයි මං ගැනම....
හැකි උනොත් මතුදාක
ඔය දෑත අරගන්න
නුඹ එක්ක එකදාක
කියන්නෙමි මගේ හිත
නුඹට පෙම් කල තරම ......


හැන්දෑවක් වගේ ඔයා
සඳක් අරන් ආ හිත් රැයට.
නෙක තරු එලි පරදන ලෙසට..
මල් පිපුන කළු රැයට..
බැස ඇවිත් අහසින් බිමට.
සුළං රැල්ලක් ගෙනාවා මල් ගොමුවට..
අරවින්ද සුවඳයි මුළු රැයම...

Monday, January 9, 2012


අතින් අල්ලගෙන මෙච්චර දුරක් එක්ක ආවේ.මේ විදියට මංසලක අතරමන් කරලා යන්නද? මාව මෙතන දාලා ඔය විදියට පස්සහැරිලා බලන්නෙවත් නැතුව යන්නේ මොන හිතකින්ද? නිකමට හරි ආපහු හැරිලා බලන්න හිතුනොත්, ඔයා දකීවී මම එතන නැතිබව. හැමදාමත් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න බෑනේ, ඒ නිසා ආපහු යන්න ඇති කියලා ඔයා හිත හදාගනියි.. එත් පේන්න තියෙන හැමදේම ඇත්ත නෙමියි කියලා ඔයා පහුවෙලා දැනගනියි. ඔයා තිතක් වෙලා නොපෙනී යනතුරුම ඇස් දෙක රිදෙනකන් ඔයා දිහා හැංගිලා බලා ඉන්න බව ඔයා දන්නවනම්..

තනියම තනිකම වින්දා..






නුඹට හොරෙන් නුඹ රන්දා
සිහින ගෙතුවේ මම හින්දා..
මගේ හීනය මියැදුන දා
ඉකි බිද බිද මම හැඬුවා..
නොලැබුන පැතුමක් උනදා
උහුලනු බැරි රැස් හින්දා..
දාහක් ගිනි හිත රන්දා
තනියම තනිකම වින්දා..


ඔයා මගෙ වෙලා ඉන්න කාලෙ වගේමයි .....ඉස්සර නිදාගන්නෙ ඉක්මනින් නැගිටින්න බලාගෙන මට ඔයාව දකින්න එන්න.ඇඳුම් තියෙන සේරම ඇඳල ඇඳල එකක් දාගෙන එනව ඔයාව බලන්න.දැන් ඔයා මගේ ළඟ නැතත් පුරුද්දට වගේ ගැස්සිලා ඇහැරෙද්දිසමහර වෙලාවට කරුවලම විතරයි මගේ ළඟ ......
අතීතය මුනගස්සන,
තිස්සෙම හිතින් ඉල්ලන,
ලස්සනම හීනයක් දැක,
ඇහැරුනා විතරයි මම..


ඇයිද මේ කලුවර.....!

Thursday, January 5, 2012

කවදාහෝ යළි එන්න සොයා

මෙච්චර දුරක් ඇවිත් මගෙන් යන්න යද්දි දුක හිතුනෙ නැද්ද ඔයාට ..?අපිට වෙන්වෙන්න තිබ්බෙ මීට ඉස්සරවෙලා.එහෙම උනානම් දුක චුට්ටක් හරි අඩුවෙන්න තිබුණ...

පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදාහෝ යළි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා මා දමා යයි ඔයා ........

සිත සිතයි ඔබ ගැනම

සිත සිතයි ඔබ ගැනම 
මට නෙවේ ඔබ අයිති 
සනසන්න හිත ළඟට 
මට එන්න පිං නෑනෙ .....


මට දෙන්න මගෙ මතක
අප පෙමින් ගිළිහෙන්න
මතු මතුත් සිහිවෙන්න
එක වරක් සිප ගන්න ...

Wednesday, January 4, 2012

ආත්ම ගානක ඉදන්

ආත්ම ගානක ඉදන්
පෙරුම් පුරාගෙන ඇවිත් අපි
එකම අහසක් යට ඉදන්....
එකම තරු පොකුරු මැද ඉදන්......
එකම සදක් යට හිටියත් .....
කොයිතරම් නම් දුරයි ද අපිට අපි........?
නුඹ සඳ වෙනදාකට
ඒ අහසේ තරුවක් වෙන්න මං පැතුවා........
අමතක උනා මට
ඒ අහසෙ සඳ මඩල වෙන්නට.........
නුඹ මලක් උනුදාක
ඒ මලේ නටුව වෙන්නට ආශා කල මම
ඒත් මට අමතක උනා
ඒ මලේ සුවද වෙන්නට..........
අනේ එහෙම උනා නම් ..............
ආයෙමත් මට අමතක උනා
මම නුඹට ආදරේ කලාට
නුඹ මට ආදරේ කලේ නැති වඟ...........
අහිංසකී .

මම තාම බලන් ඉන්නවා.

 මායාවක් උන මගෙ ආදර ලෝකෙ තාම ඔයයි රජ වෙලා ඉන්නෙ ඒත් දැන් නටඹුන් උන අපේ ආදරේ ඔයා ආයෙ ආවොත් එළිය වැටෙයි ........
නුඹ ආයේමත් එවී කියා
මඟ බලන් උන්නා 
ගලන් ගිය කඳුළු වැල් 
ඇස් පියන් යට ගල් ගැසී
මම ඔහේ උන්නා බලා
අවසානයට දුටු දා නුඹ
හීනයක ගුලි වෙලා
හැම රැක හීනෙන් විත්
පාරනවා මයේ ඇස්
මම තාම බලන් ඉන්නවා
එකම එක වතාවකට වත්
පුංචිම පුංචියට මාව
මතකයට අරන් නුඹ
යලිත් ඒවී කියා
මම තාම බලන් ඉන්නවා.

නොලැබෙනා නුඹෙ සෙනේ

මං කතා නොකර හොයන්නෙ බලන්නෙ නැතුව ඉන්නෙ ආදරේ නැති හන්ද නම් නෙවෙයි.කවදාවත් නොලැබෙන "සඳ"ඉල්ලල ඇඬුවට වැඩක් නැති හන්ද.ඒ එළියෙන් හිතරවට්ට ගන්නම් මුළු හඳ එළියම මගේ කියල.මගේ නොවුනත් ආදරෙයි ...හිතේ මැවෙන හැම කල්පනාවක්ම ඔයයි .....

නොලැබෙනා නුඹෙ සෙනේ 
පාරනා මගෙ මගෙ හිතේ 
යන්තමින් වෑහෙනා 
කඳුළු බිඳු ඉහිරුණා ....
හිත තවත් රවටනා
ඔබ මැවූ මාළිගා
දිළි දිළී දිළිසෙනා
මා ලොවම එළි කලා 

අමතක උනත් අමතක කරන්න

අත ළඟයි වෙන්වීම.සත්තකයි නෙතු හඬාවි.පිටමන්ව යනදාට මගෙ හීනයන්ගෙන් නුඹ 
අමතක උනත් අමතක කරන්න 
පැහැදිළි නැතත් අනාගථය 
දැන දැනත් පෙම් කරන
මගේ අතින් හිත රිදවගන්න 
නුඹට එපා කියා පැත්තකට කරපු
දිළිඳු හදවතක්
ගැහි ගැහී අවදි වන ..

රිදුණු තැවුන හිත .......

ඇය වෙණුවෙන් කඩා හැලෙන මුතු කඳුළු..එපා නුඹ දෝතට ගන්න.දෑතම කඳුළුවේවි.දුරින් ඉඳන් බලන් ඉන්න.මුතු කඳුළට සුවය දෙන්න ........
ඇයට සිත දුන්නු දා ඉඳන්
මං තවම විඳවමින්
නුඹ සෙමින් ඇවිත්
හදන්නට යදී
රිදුණු තැවුන හිත .......

එපා ඔබ ළංවෙන්න
කඳුළු ඇත හැමතැනම
"මුතු"වාගෙ දිළුනාට
අග ඇත්තෙ "කඳුළු"මයි
එපා නුඹ දුක් වෙන්න............

නොසිතයි ඔබ මාගැන රත්තරං මේ වගේ

හිතේ පැතුම් සුළඟට සුන්වෙලා ගිහින් ගොඩාක් කල්.උහුලන දුක් මහමේරු සෙලවෙන්න වගේ. මල් පෙත්තක් වගේ සිණිඳුයි කියපු ඔය හිතටමන් ගානක්වත් නෑ

මනමාළිය වූදා මදු මලක් ඔබෙ ලොවේ 
පිබිදෙන්නැති ලස්සන රැය පුරා ජිවේතේ...
මට වාවගන්න බැරුව ගියත් කඳුළු මේ මගේ 
නොසිතයි ඔබ මාගැන රත්තරං මේ වගේ ...

Monday, January 2, 2012

මම තාම දන්නෙ මා ඔබේ කියා ..

 හැමවෙලේම phone එක ring වෙනව වගේ ඇහෙනව.ඒත් කවුරුත් නෑ.ඔයා වැරදිලා හරි කතාකරයි කියල මේ හිත බලන් ඉන්න හිංද වෙන ඇති එහෙම වෙන්නෙ.කවදා වෙනකල් මෙහෙම ඉන්නද ? හිත වාවන්නේම නෑ ඔබ ආයෙ එන්නෙ නෑ මම තාම දන්නෙ මා ඔබේ කියා ..

.....අකීකරු අකුරු.....

උණු කදුළු බිඳුවක්
එපා අරගෙන එන්න
මුතු සිනා පොකුරක්
අනේ අරගෙන එන්න...

සුදුපාට මල් අරන්
එපා නුඹ නම් එන්න
පින් පාට සිනහවක්
අනේ අරගෙන එන්න....

පිං සිරිත් පැන් අරන්
එපා නුඹ වඩන්නට...
පිං වඩා ජය කනුව
දකින මට තුටුවෙන්න....

දැන් ඉතින් නුඹ දමා
අවසරයි මට සමුගන්න....
වැරදමා සිපගනිමි
මේ පොළව සැනසෙන්න....

හැකි වුනොත් මතුදාක
මළවුන්ගෙ දවසකට
එකම පාරක්වත් නුඹ
එන්න ඇවිදින් යන්න........
සමාවෙන්න මට දහස්වර
.....අකීකරු අකුරු.....

යෙහෙළියේ නුඹ සමුගෙන ගියාදෝ මා මෙසේ කඳුළින් දැවේ .......

නොකියාම සමුගනිද්දි නුඹ 
හිත කෝම වාවන්නේ 
නොදැකම ගෙවෙන දවස් ටික 
කල්පයක් වගෙ හිතට දැනෙන්නෙ 
කවදාවත්ම නොදැක ඉන්නම් 
එකම එක සැරයක් දකින්න
අනේ මට ඉඩක් දෙන්න ............
යෙහෙළියේ නුඹ සමුගෙන ගියාදෝ මා මෙසේ කඳුළින් දැවේ .......

මේ අහස යට නේද

අතීතයේ දින ගනන් 
හමුවෙමින් අපි එකට 
සොදුරු බස් තෙපලුවේ 
මේ අහස යට නේද ......?

යන්තමට වත් හිනහෙන්නේ නැති
බලාගෙන මං දිහා
ඈතටම ඈතට ගියේ
නුබ නේද.......?
ඔයාට මගෙ ගාවට එන්න හිතුනත් එන්න එපා.ඔයා ආයෙත් යයි මගෙන්.ආදරේ තේරුණ දවසකට එන්න ඇවිත් යන්න බලල යන්න මාව නෙවේ මගෙ ආදරය ...

Sunday, January 1, 2012

තුන්වෙනියකු හට දෙන්න එපා

දෙදෙනෙකු අතරේ තිබෙනා සෙනෙහේ 
තුන්වෙනියකු හට දෙන්න එපා
 
ඒ සෙනෙහේ සේයා වේවි හදේ මායා ...........

ඔබ හට නොයිඳුල් නිකැලැල් සිතදීලා
ඉන්නට සිතුවා ඔබ ළඟ සැනසීලා
පැතුම් බිඳීලා අද තනිවීලා මා
පෙරුම් පිරූවත් ඔබ හිමිවීලා නෑ ....

නොසිතුව විලසින් ළැතැවුල් මට දීලා

වෙනතක බැඳිලා ඔබ ඔහු සතුවීලා
පැතුම් බිඳීලා අද තනිවීලා මා
පෙරුම් පිරූවත් ඔබ හිමිවීලා නෑ .....

ඔයාගෙ ආදරේ කොච්චර ..........

ඔයාගෙ ආදරේ කොච්චර බරක් උනත් මම අරන් යන්නම් මේ ජීවිතේ තියෙනකල් හිතේ තියන්.
සොඳුරු පෙමක් ගැන හිතන්න ඉඩ නෑ ඔබගෙන් මා ළද දුක් හින්දා ...සිහින මවන්නට මගෙ හිත ඉඩනෑ ආදරයඉ දුන් පව් හින්දා ...