Tuesday, January 17, 2012
බලං හිටියා... හුගාක් කාලයක්.දන්නවද,දින,සති මාස ගෙවිලා ගිහින්.අද වෙනතුරුම මං බලං උන්නා මේ තරම් කාලයක් ඉවසීම කියනෙක තිබුනද කියලා මටවත් හිතාගන්න බෑ.විශ්වාස කරන්න... ඔයා වෙනුවෙන් තවත් බොහෝ කාලයක් වුව බලාන ඉන්න තරන් ඉවසීමක් මට තිබුනා.එය නිෂ්ඵල දෙයක් නොවුනා නම්.
අහන්න.....අද මුණ ගැහෙයි හෙට මුණගැහෙයි කියලා බලාපොරොත්තුවෙන් දින ගෙවිලා ගියාට ඒ කවදාවත්ම ඔයා ආවෙ නෑ..මුණ ගැහුනෙත් නෑ.ඒ ගෙවිලා ගිය හැම දවසකම හැම මොහොතකම මගේ හිත හඩා වැටුණු තරම ඔයා නෙවෙයි කවුරුවත්ම දැන උන්නෙ නෑ.ඔයා දන්නවද.මගේ හිතින් ඔයා ගොඩක් ඈතට ගිහින්.මේ හිතේ දැන් නුඹ වෙනුවෙන් සෙනෙහසක් නෑ.සත්තකයි..ඒත්....ඒත්....එකම එක වතාවකට...පුංචිම පුංචි තත්පරයකට ඔයාගෙ ඔය මුහුණ බලන්න තිබුනා නම්.ඇත්තමයි හිනා නොවුනත්,කතා නොකළත්,මං දිහා නොබැලුවත් මං අහිතක් නෑ.
දන්නවද මේ හිතේ දැන් ඔයා ගැන අංශු මාත්රතයක්වත් හැගීමක් නෑ.එහෙම වෙන්න අපි අතරෙ ලෙංගතුකමක්වත් සුහදත්වයක්වත් තිබුනෙත් නෑ.ඒත්.... අතීතයේ එක්තරා කාලයකදි මං තනිවම ඔයත් එක්කලා කතා කලා..ආදරේ වුනා මහා හුගක්.බොහොම පිරිසිදු නොකිලිටි ඒක පාර්ශ්වීය ප්රේේමයක් එය.ඒත්....එය ප්රේසමයක් නොව මුලාවක් බව දැනෙනකොට මං හිතින් හුගාක් දුර ගිහින්.ඒ ආදරයට අරමුණක් අරුතක් නෑ කියලා හිතෙද්දි මං මගේ හදවතට පැරදිලා අවසානයි...ඒ දෛවය ද නොලැබීමද කියලා මටවත් තේරුම් ගන්න බෑ.වැරදි ඔයා නෙවේ මමයි..
ඒත්..අහන්න අදටත් නුඹ හිතට එන හැම මොහොතකම මහා මූසල පාළුවක්,කියාගන්න බැරි තනිකමක්, හිස් බවක් හිතට දැනෙනවා. විශ්වාස කරන්න ඒ එකදු මොහොතකටවත් ඔයා ගැන අහිතක් හිතෙන් නෑ මට. ඇත්තමයි.... ඒක පාර්ශ්වික ආදරය කියන්නෙ සදාකාලික දුකක්...වේදනාවක්. ආයෙම වතාවක් ඒ වරද මගේ අතින් වෙන්නෙ නෑ කියලා හිතද්දි ඔයා ඇවිත් හිත අස්සෙ පැල පදියම් වෙන්නෙ ඇයි.? ඒ.... තවමත් ඔයා මගේ හිත පතුලෙ ජීවත් වෙන හින්ද ද....?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment