Monday, January 16, 2012

මම ජිවිතය පුරාවට හොයපු
හුගාක් දේ ඔය හිත පුරාම
ගැබ් වෙලා තියෙනවා දැක්කා.
මිල මුදල් එකතු කරගෙන
ආදරේ හොයන් යන්න
මට ඕන උනේ නෑ.
මම නුඹට ආදරෙ කලේ
නුඹ කාගේ කවුද.?
ඉන්නේ කොහෙද.?
කරන්නේ මොනවද.?
කියන කරුණු කාරනා
හොය හොයා නෙවෙයි.
කාලයා මහ හයියෙන් ඉගිලිලා ගියා.........
මම තාමත් බලන් ඉන්නෙ
නුඹ එන පෙර මගයී...
කාලයා ඉගිලුනාට, පිපෙන මල් පර උනාට
නුඹ එ දේ දැක්කට
මම මග බලන් ඉන්න වග නම්
දැනෙන්නේ නැතුව ඇතී .
මතක් වුනු දවසක එන්න
මම තාම මඟ බලන් ඉන්නවා.....

No comments:

Post a Comment