Monday, January 16, 2012

එකමත් එක රටක

එකමත් එක රටක හිටපු කුමාරයෙකුයි කුමාරිකාවකුයි ගැන නොවුනත් මේ කතාවේ එන කතාවත් හරියට හීනයක් වගේ...
 කොල්ලට මේ කියන කෙල්ලව හමුවෙන්න කලින් ඒ කොල්ලගේ ජීවිතේ හරිම වෙනස්.හැමදේම එයාගේ හිතුමතේට කරපු එයාගෙම ලෝකෙක එයාට ඕන විදියට ජීවත් වුන කෙනෙක්.එත් මේ කියන කෙල්ලව හමු වුනාට පස්සේ ඒ සේරම වෙනස්වුණා.ඒ කොල්ලටත් හිතාගන්න බැරිතරමට එයාව වෙනස්වුණා...
ඒ කෙල්ල හමුවීමත් හරිම අපූරු දෙයක්.මීට කලින් කවදාවත් කොහෙදිවත් නොදැක FB එකෙන් එකපාරටම හමුවෙලා ඒ කොල්ල කිසිම කෙනෙක්ට හිතාගන්නවත් බැරි තරමට ඒ කෙල්ලට ආදරෙන් කරා..
එයා ආදරේ කලා...ඔව් ගොඩාක් ආදරේ කලා.එයාගේ පණටත් වඩා ඒ කෙල්ලට ඒ කොල්ල ආදරේ කලා...
ඒ ආදරේ හරිම පුදුමාකාරයි...
සමහරු එක එක විදිහට තමන්ගේ ආදරේ පෙන්නනවා.එත් මේ ආදරේ කරපු කෙනා එහෙම මුකුත්ම කලේ නෑ.ඒ ආදරේ අඩුකමකටනම් නෙමෙයි, ඒ එයාගේ ආදරේ ආදරේ කියන වචනයට විතරක් කොටු උනේ නැතිනිසා.ඒ ආදරේ එයාගේ ජීවිතේම වුණා.මේ මුළු ලෝකෙම වුණා.ඒ තරමට ඒ කොල්ල ඒ කෙල්ලට ආදරේ කලා... 
එත් ටික දවසක් යනකොට මේ ආදරේටත් සාමාන්‍යයෙන් වෙන අයට වෙන දේම වෙන්න පටන්ගත්තා.ඒ තමයි මේ කෙල්ල මේ කොල්ලට ආදරේ කරේ නෑ කියලා ඒ කෙල්ලගේ කටින්ම අහන්න සිද්ද උන එක 
තාමත් මේ කොල්ල ඒ කෙල්ලට පනටත් වාඩා ආදරෙයි එත් කතාවේ දුක කියන්නේ අර කෙල්ල මේ කොල්ලට ආදරේ කියල තියෙන්නේ ඒ කෙල්ලගේ කලින් හිටපු පෙම්වතාව අමතක කරන්නලු ඔයාලට කියන්න මේ කොල්ලා කොහොමද එක හිතින් විදවන්නේ කලින් මේ කොල්ලට දුකක් හිතුනම කියන්න ඉස්කෝලේ ගිය යාලුවෝ හරි උන්න එත් දැන් ඒ කව්රුත් නෑ

මම මේ කොල්ලට දසුන් කියන්නන් කෙල්ලට හසිනි කියන්නන්
දවසක් ආදරේ කරපු ටික කාලෙට හසිනිට හිටන්නත් බැරි තරං දසුන් ගොඩක් ආදරේ කරා එත් එයාල ආදරේ කරන්න පටන් අරන් පොඩි කාලෙට දසුන් දන්නෙම නැතිව එයා එයාගේ ජීවිතේ වගේ විස්වාස කරපු ඒ හසිනි එයාව දල ගියා...
එයාගේ ජීවිතේ වගේ ආදරේ කරපු ඒ කෙල්ල එයට කියනවා "මම ඔයාට ආදරේ කරේ නෑ මම ආදරේ කරේ එකම එක්කෙනා අයියා (කලින් පෙම්වතා ) එයාගේ තැන ඔයාට ගන්න බෑ මම ඔයාට ආදරේ කරේ ඔය පව් හන්දා " කියලා මේ මොනදේ කිවුවත් හසිනි දන්නවා ඒ දසුන් එයාට කොච්චර ආදරේද කියලා 

එයාව දාල යන්නෙපා කියල පින්සෙන්ඩු වුනත් ඒ කෙල්ල එයාව ගණන්ගත්තෙ නෑ.එක මොහොතක් දෙන්නට දෙන්න නැතිව ඉන්න බැරිතරමට ආදරේ කරලා අන්තිමේදී ඒ කෙල්ලට තමන්ට පණවගේ ආදරේ කරපු ඒ කොල්ලව එපා වුණා... 

මට දසුන් ලගදිත් හම්බ වුන දසුන් තාමත් හසිනිට ආදරෙයි ගොඩක් අදටත් හසිනි දසුන් ගාවට අවොත් ඒ ඔක්කොම අමතක කරලා හසිනිට කලින්ටත් වැඩ ආදරේ කරන්න දසුන් කැමති දසුන් කියන්නේ "එය වැරදි නෑ.කවදාවත් මම මගේ හසිනිට වැරද්දක් කියන්නෑ.පව් එයාට තවම ජීවිතේ කියන දේ ගැන හරියට තේරුමක් නෑ.මගේ වැරැද්ද මමය් එයාට ආදරේ කරලා එයාව අසරණ කරේ මට බැරිවුණා එයා ආසකරන දේවල් දෙන්න.මට බැරිවුණා මම කොච්චර හිතින් ආදරේ කලත් එයාට දැනෙන්න ආදරේ කරන්න" කියල...
එයට එයාගේ වටේ ඉන්න අය "තමන්ට ආදරේ කරන කෙනෙකුට තමන් ආදරේ කරන්න" කියල මොන දේවල් කිවුවත් එයා තවමත් කියන්නේ "හිතන්නෙපා මට පිස්සු කියල, ආදරේ කියන්නේ පූජාවක්, එක ගොඩක් උතුම් දෙයක් අපි කොච්චර ආදරේ කලත් ඒ වෙනුවෙන් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න අපිට අයිතියක් නෑ.ඒ වගේම මම එයාට ආදරේ කලෙත් කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.එයා මට ආදරේ නැති එක වෙනම දෙයක්.එත් මම මගේ හිතින් හැමදාමත් එයාට ආදරේ කරනවා.ආදරේ කියන්නේ තමන්ගේම කරගන්නවා කියල හිතාගෙන කරන දෙයක් නෙමෙයි.මට එයා ගැන තියෙන්නේ ආදරයක් මිසක් ලබාගැනීමේ ආසාවක් නෙමෙයි" කියල...
මන් කියපු ඒ කතාව ඔයාලා කියවලා බලලා තිරණය කරන්න ආදරේ කියන්නෙ මොනවගේ දෙයක්ද? ඒක කොයි වගේ දෙයක්ද? කියලා කවදා හරි දවසක තේරේවි මේ මන් කියපු දේ ඔයාලා කවදා හරි ඒ දේට මූන දෙනවා අනිවාර්යෙන්ම කවුරු මොන දේ කිවුවත් එක තමා ඇත්තම ඇත්ත කතාව ඒක පුදුමාකාර දෙයක් අපි ඇත්තටම ආදරේ කරන කෙනට ඒක නොතේරෙන එක ඇත්තටම ලොකුම ලොකු දුකක් කොල්ලො වුනා කියලා අපේ හදවත් ඇත්තටම ගොඩක් අහින්සකයි ඒත් කෙල්ලන් හිත් මල් වගෙ කිවුවට ඒවා අපේ හිත් වලට වඩා තද හිත් කවදා හරි ඉතින් අපි අපිව තෙරුන් ගත්තහම හරි ජීවිතෙ කියන්නෙ ගලාගෙන යන ගඟක් වගෙ අපට බෑ ඒක එහාට හරවන්න මෙහාට හරවන්න ඒක ඔහේ ගලාගෙන යන්න දෙනවා මිසක් වෙන කරන්න කිසි දෙයක් නැ කවුරු මොනවා කිවුවත් අපි ආදරේ කරන කෙනාට විතරමයි අපි ජීවිත කාලෙටම ආදරෙ කරන්නෙ ඒක ඉතින් ඉර හඳ වගෙ දෙයක් ඉතින් ඔයල මන් කියපු දේ මතක හිටින තැනක ලියලා තියගන්න කවදා හෝ දවසක මන් කියපු දේ අත්තක්ද බොරුවක්ද කියල ඔයල ඔක්කොටම තෙරෙවි මේවා හඩවතෙ කොනක ලියල තියා ගන්න ඉතින් ඔයාලට සම්මා සම්බුදු සරනයි කියන කරන හෙම දෙයක්ම හරි යන්න කියල මම ප්‍රර්තනා කරනවා








2 comments:

  1. ආදරය විඳීමට මෙන්ම විඳවීමටද සිදු වන්නේ ආදරය කිරීමෙන් අප ද යමක් බලපොරොත්තු වන නිසාවෙනි....
    එහෙත් ලෝභ සිතින් තොරව, පෙරලා ලැබීමේ අදහසකිනුත් තොරව අවංක පරිත්‍යාගයක් සේ එය පිදිය හැකිනම් එය උතුම්ම ආදරය බවට මම විස්වාස කරමි.
    ඔය කියපු කොල්ලගෙත් තියෙන්නෙ එහෙම ආදරයක්...
    ඒක මම ඇත්තටම අගය කරනව....

    ඒත් කෙල්ලගෙ පැත්තෙන් ගත්තොත්... එයා කරපු දේ ගොඩක්..කියන්නෙ සම්පූර්ණයෙන්ම වැරදියි.... මොකද එයා දන්නව එයාව කලින් දාල ගිය අයිය නිසා එයාට දැණුන දුක... එයා හොඳටම දන්නව දසුන්ට ආදරේ කරල එයාට එහෙම කලොත් දැනෙන දුකෙයි දැන් තමන්ට දැනෙන දුකෙයි වැඩි වෙනසක් නෑ කියන එක....ඒක තේරුම් අරන් එයාල තිබුන දසුන්ට අදරේ නොකර ඉන්න... ආදරේ කරන කෙනෙක්ට සාප කරන්න අපි කවුරුත් කැමති නෑ... ඒත් ඕව දිට්ඨදම්මවේදනීය වෙන බවත් අමතක කරන්ට හොඳ නෑ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද සහෝ දසුන් එලියට පෙන්න නැතත් තාම හදවතින් අඩනවා කිව්වේ නැති උනාට එක මම දන්නවා උට වඩා හොදට උ තමා මගේ හොදම යාළුවා

      Delete