Wednesday, January 4, 2012

මම තාම බලන් ඉන්නවා.

 මායාවක් උන මගෙ ආදර ලෝකෙ තාම ඔයයි රජ වෙලා ඉන්නෙ ඒත් දැන් නටඹුන් උන අපේ ආදරේ ඔයා ආයෙ ආවොත් එළිය වැටෙයි ........
නුඹ ආයේමත් එවී කියා
මඟ බලන් උන්නා 
ගලන් ගිය කඳුළු වැල් 
ඇස් පියන් යට ගල් ගැසී
මම ඔහේ උන්නා බලා
අවසානයට දුටු දා නුඹ
හීනයක ගුලි වෙලා
හැම රැක හීනෙන් විත්
පාරනවා මයේ ඇස්
මම තාම බලන් ඉන්නවා
එකම එක වතාවකට වත්
පුංචිම පුංචියට මාව
මතකයට අරන් නුඹ
යලිත් ඒවී කියා
මම තාම බලන් ඉන්නවා.

No comments:

Post a Comment