Friday, January 13, 2012

නුඹ ළඟින් හිඳ සැනසෙන්න
හුරතළෙන් දඟ කරන හැටි
නෙතු පුරා දැකගන්න 
මටත් වඩා මගෙ දිළිඳු හිත 
මතකයි මට මඟ බැලුව ....
නුඹ තුරුළෙ ගුළි වෙන්න
කියව කියවා අපේ ගැන
හිත පුරා විඳගන්න
පිං මදිව ලතැවෙන්න
මට දුකයි මං ගැනම....
හැකි උනොත් මතුදාක
ඔය දෑත අරගන්න
නුඹ එක්ක එකදාක
කියන්නෙමි මගේ හිත
නුඹට පෙම් කල තරම ......

No comments:

Post a Comment