Sunday, September 11, 2011


කුමට මරණය පතන්නෙම්දැයි ගැහැනුන් මිනිසුන්

ගැහැනුන් මිනිසුන්
ජීවිතයෙන් 
කුමට මරණය පතන්නෙම්දැයි 
ඇසුවෙමි කලෙක 
සෝපහාසයෙන්, තරහින්
දමා ගැසුවෙමි මා
අතට හසුවූ දරුනුම 
වාග් ආයුධයන්ගෙන් 
ජීවිතයෙන් පලා යන්නෝ
කොන්ද පන නැති නිවටයින්
දිරිය සිඳුනු නපුංසකයින් . . . . !
ලද මිනිස් දිවිය
කොට මහා පින්දම් . . . පාරමී
රැකිය යුතුමය වෙර වීරියෙන්
සැදුමට සෙත නොව පමනක් තමාටම
නොහැකි වුවත් සකල ලෝ වැසියනටම
දිගු කිරීමට දෑත් එකෙකුට හෝ 
අඳුරු අගාධයකින් පනින්නට මෙපිටට . . . !
එනමුත් පසක් වූ පසු මටම
නට වූ පසු අවසන් අපේක්ෂාවත්
ලබනට දිවියේ සැපතක් නිදහසක්
නිරවුල් මනසක් . . . !
සැදුමට සෙත තියා අනුනට, මටවත්
නොහැකිව ළතවෙන දිවියට
පතනු හැර ජීවිතයෙන් "මරණය"
වෙන කිසිවකින් 
ලද හැකිද සමාධියක්?

සිතට දැනුන ආදරේ කියා ගන්න බෑ

සිතට දැනුන ආදරේ කියා ගන්න බෑ
ගතට දැනෙන සීතලේ ඉවසගන්න බෑ
ඔබ දුටු විට මා සිතේ ඇතිවන ඒ ආදරේ
සිතා ගන්න බෑ මට කියා ගන්න බෑ.....
අදරේ මගේ ඔබ කියා
සිත කියනා මොහොතක් පාසා
මම සිතන්නෙ ඔබ ගැන කියලා
මගෙ සිත මුමුනයි මට සැමදා......
දිලිසෙන ඔය නිල් නෙතු සැමදා
කරගන්නට මගේම කියලා
ඉවසමි හැම මොහොතක් පාසා
කරගන්නට ඔබ මගෙ කියලා...

බලා සිටිමි තවමත් මම

බලා සිටිමි තවමත් මම
ඒ සුරගන නෙත් දෙසම
මොහොතක් හෝ ඇසිපිය නොහෙලා.....
සදහටම ඒ නිල් නෙතු මගේම කරගන්නට
අසීමිත වූ සෙනෙහසක් සිතම වෙළාගනිද්දී
තවමත් තනිවී සිටිමි මම
හදවත පුරා පිරි ආදරයට
සිත් මායිමේ සීමාව
පැන යා නොහැකි වූ නිසාම...

හිස් අහස් කුසට


හිස් අහස් කුසට දෑත් දිගු කරන කොතරම් වැලපුනත් මා ඔබව මට නොලැබේවි කෙදිනකවත්මමුලු ලොවම එලි කරන සද කුමරි මගෙ ලොවට නොපයාවිරිදුම් දෙන ඇස් කෙවෙනිතෙත් වෙනකම් දුක කියාන හඩා වැටුනත්එකදු තරු කැටයක්පාලු මා සිත් අහසේනොදිලේවි කවදාවත්මනුබව මට නොලැබුනත්මෙ සසර පුරාවටමිරිගුවක් පසු පසින්හති නැතිව දුව ඇදෙන අහිංසක මුවෙකු මෙන්නුබට පෙම් කරමි මම 


ආදරය A/L( වලදී Love කරලා Boot කාපු අයටත් Love කරන අනිත් සැමටත්..

ඒ ආදරේ තරම් වේදනාකාරී දෙයකුත්


කෙනෙක් සිත පතුලෙන්ම

 අවංකව ආදරය කරනවා නම් ඒ ආදරය තරම් ලස්සන දෙයක් වෙන කොහේවත් නෑ,

ආදරය කියන්නේ පුදුමාකාර දෙයක්, ඒ ගැන නොතේරෙන අයට ආදරය 

කිසි වැඩකට නැති දෙයක්, ඒක තේරුම් අරගෙන හරියට ආදරය කරන අයට ජීවිතයම ආදරයයි . . කවුරුහරි බොරු ආදරයක් මවාපානවා නම් ඒ ආදරේ තරම් වේදනාකාරී දෙයකුත් වෙන කොහේවත් නෑ .


ඇස්දෙකින් ගලායන.

ඇස්දෙකින් ගලායන...
කදුලු කැට ගංගාව...
සවියක් වේවි දිනක...
නැගීසිටින්නට... 
ලෝකයා ඉදිරිපිට...

එපා මා අමතන්න...
එවන් සුබ දිනයකදි... 

අවසරයි සමුගන්න...
කිසි දිනකදී ‍යලිත්...
නොම එන්නට...
ඔබ ඉදිරියට..

සමාවෙයන් මට අම්මේ.....



පසු තැවෙමි මා අද දින අම්මේ
දුක් විඳිමි මා අද දින අම්මේ
ඇසුවේ නෑ මා ඔබ කියු දේ අම්මේ
මුරණ්ඩු පුතු මා ඔබෙ අම්මේ
තේරුනේ පසු වී ඔබ කියු දේ අම්මේ
ඔබ නැති අඩුව අද මට දැනෙනවා අම්මේ
පුලුවන් නම් සමා දෙන්න ඔබෙ සුදු පුතාටඅම්මේ...

ලෝකය ඉදිරියට යනවලු

ලෝකය ඉදිරියට යනවලු
අපිත් ඉදිරියට යන්න ඕනලු
අපේ කම් තියා ගෙන බෑලු
ටිකක් ආතල් ගන්න ඕනලු
නයිට් ක්ලබ් ඕනලු
බීච් පාටි ඕනලු
තිතට මත නැතුවත් බෑලු
සරම ඇඳන් බෑලු
ඔසරියත් හරියන්නෑලු
ටිකක් කොටට අඳින්න ඕනලු
ඇඳුම් නැතුව ගියත් කමක් නෑලු
අපේම කියල දෙයක් එපාලු
ඉතිහාසය සංස්කෘතිය...විකාරලු
මුං ලන්කාවෙම උන්ද...මං දන්නෑලු
පුංචි උනත් ලෝකයම බලන් ඉන්න
අපේ දක්ෂකම්,ඉතිහාසය,සභ්‍යත්වය
පිටරට විකාර වලින් විනාශ උනාට කමක් නෑලු
පිටරට උන් විනාශ කලත් කමක් නෑලු
දියුණු වෙනකොට මෙහෙම තමයිලු
මේවට විරුද්ධ වෙන්නෙ ****ලු
තව ඉස්සරහට අම්ම තාත්තත් අමතක වෙයිලු
අනේ අපේ උන්ට වෙච්ච දෙයක්ලු
මේ ඉතින් මට හිතිච්ච හැටිලු

මා ඔබ ලඟ අම්මේ…


මා ඔබ ලඟ අම්මේ…
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලඟ අම්මේ.. //
කටුකොහලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට හෙවනැල්ලක් වී
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ලඟ අම්මේ..
උකුලට නාවත් එදා වගේ..
අත පය දැඩි වී වැඩිහිටි ඌ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි ඔය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ලඟ අම්මේ..
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලඟ අම්මේ.. //
ගායනය: රූකාන්ත ගුණතිලක
ප්‍රේමය පුද දී අවාසනයි
ඔහු සතු වී කාලය බොමයි
නොලෑබෙන මා නොපතන්න
තහනම් සෙවනින් යන්න
පරාජයේ දුක මට පුරුදුයි
සෑනසුම ඔබ වාගෙම ඈතයි
තහනම් සෙවනේ ඉන්න 
තව මොහොතක් ඉඩ දෙන්න
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයිනම්
මා වෙනුවෙන් නොහඩන්න 
ජිවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම්නම් බෑ දෙන්න
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්
මට නොපෙනී පිට වෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරක
සිතනම් බෑ ගෙනයන්න..

ඔයට කවදාවත් මාව තෙරුම් ගන්න බැරි උනා

මේ පාලුව තනිකම හුදකලාවතාමත් මට ඔයාව මතක් කරනවා
මේ හිත ඔයාවම ඉල්ලලා හඩා වැටෙනවා..
මම දන්නේ නෑ ඒ ඇයි කියලා
නිසන්සලව ගලා ගිය මගේ ජිවිතය
ඔය ලග නතර උනේ අහම්බෙන් වගේ
මමවත් නොදනුවත්ව මම ඔයගේ සුසුමකට පවා ආදරේ කළා
ඔයට කවදාවත් මාව තෙරුම් ගන්න බැරි උනා

හැම කෙනෙක්ටම ආදරේ හිතෙන්නෙ නෑ වගේ
මටත් ආදරේ හිතුනේ ඔයාටම විතරයි
හිනෙන් පවා දකින්න ආස කලේ ඔයවම විතරයි
කවුරු කොහොම ඔයා ගැන කිව්වත්
මම හමදම බලන් හිටියා ඔයා වෙනුවෙන්
කාලයක් තිස්සේ ටිකෙන් ටික එකතු කර ගරලා පුරොගත්තු ආදරය
අද මටම හිනා වෙනවෙනවා
මට මේවා තවත් දරගෙන ඉන්න අමරුයි
ඔයව මතක් වෙන හැම මොහොතකම
මම අඩපු තරම් දන්නෙ මම විතරමයි
තව දුරටත් මේ ජිවිතය ජිවත් කරන්න මට බැරි වෙවී
ඒ අදරණිය මතකයත් ආදරයත් අරගෙන මම යන්නම යන්නම්
කවදවත් ඔයට නොදකින්නම යන්නම්
එත් මතක තියා ගන්නමේ අහස තරම් පොලොව තරම්
ඔයට ආදරේ කරපු කොල්ලෙක් හිටියා කියලා..
එක හැමදමත් ඔයගෙ ආදරය වෙනෙවෙන්ම
බලන් ඉදිවී....

මගේ කදුලින් ඔබ හට මම ආසිරි පතන්නම්


ඔබ දන්නේ නැති තරමට
සිතා ගන්න බැරි තරම‍ට
සත්තකින්ම තවමත් මම
ඔබ‍ට ආදරේයි

දැක ගන්නට නොලැබුනා‍ට
ලං වෙන්න‍ට නොලැබුනාට
නෑ මියෙන්නේ මේ සිත
නුඹ‍ට ආදරේයි

සමුගන්නට ඕනේම නම්
මා තනිකර නුඹ යා නම්
දුක ඉවසාගෙන ඔබ හ‍ට අවසර දෙන්නම්

සිතන්න‍ටත් පතන්න‍ටත්
ඔබ පමණක් සිටින නමුදු
මගේ කදුලින් ඔබ හට
මම
ආසිරි පතන්නම්

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ
...
දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ

මොනවද අම්මේ මO පොඩි කාලේ


මොනවද අම්මේ මපොඩි කාලේ
මා නළවන්නට ඔබ කී කවි ගී
දකින්න ඇත්නම් හිනෙන් හෝ මට
අම්මගේ උකුලේ හිට පු හැටි

කුසගිනි දැනෙන හැම මොහොතකදිම
මා ඔබ ලය තුරුලේ තියලා
පොවන්න ඇති මට මා හඩනා විට
අම්මගේ ඇග ලේ කිරි කරලා

අම්මෙ කෝ මගෙ පින්චි අදුම් පොඩි
දකින්න ආසයි මට ඒවා
මන් වෙනුවෙන් ඩහසක් දුක් විදි
ඔබ මතු සසරෙදි බුදු වේවා

පරාජිත ප්‍රේම වන්තයෙකුගෙ


පරාජිත ප්‍රේම වන්තයෙකුගෙ
හීනෙන් හීනෙට ඇවිදින
හිත ලග තවමත් මම මාලිගා හදනවා
සුවදින් ඉවකර ගතනොහෙනා
සද රැක තරු මල් මට පාර කියනවා
සමනල් සිතකින් මා වැඩු සෙනෙහස ............
මිරිගුවක්‌ සේ දුර ඈතට යනවා..........
නුබෙ අත අරගෙන ඒ දුර යන්නට රත්තරනේ මම පාර හොයනවා
නෙත හිත දෙතොලග සැගවුනු සුවදින්
මල් වාගේ හදවතට අවාරයේ වැහි අනෝරාව යට
ඒ මල් වල පෙති ගැලවී වැටුනා
තරු නෙත් කැලුමක දෙතොලග සුසුමක
සුවදක්‌ සේ සෙනෙහස බැදුනා...........
පෙම් කලේ මා මිස නුබ නොවන බව
වැටහෙන්නට කල්පයක්‌ ගෙව්නා ඒත් තවම නොතේරේ..........
මිය නොයමි ජීවිතය දුර නිසා.....
සතුට නොසොයමි එය මට තහනම් නිසා.......
නොහඩමි හඩන්නට කදුලු නැති නිසා........
විදවමි විදින්නට තවමත් කිසිවක්‌ නැති නිසා.......
ගනදුරට පෙම් බදිමි ආලෝකය යලි නොඑන නිසා..........
හිත හදා ගනිමි ලොවෙහි කිසිවක්‌ නියත නැති නිසා.......
ඔබයි මගේ ජිවිතේඔබයි මගේ ආදරේ  මියෙන තුරා........
පෙම් කරමි ඔබ හට සදා
ඔබට සදා ජය
එකමත් එක රටක හිටපු කුමාරයෙකුයි කුමාරිකාවකුයි ගැන නොවුනත් මේ කතාව ඒ තරම්ම ලස්සනයි කතාවත් හරියට හීනයක් වගේ...
කොල්ලට මේ කියන කෙල්ලට හිතින් ආදරය කරන්න කලින් ඒ කොල්ලගේ ජීවිතේ හරිම වෙනස්.හැමදේම එයාගේ හිතුමතේට කරපු එයාගෙම ලෝකෙක එයාට ඕන විදියට ජීවත් වුන කෙනෙක්.එත් මේ කියන කෙල්ලට මේ කොල්ල හදවතින්ම ආදරය කරන්න පටන් ගත්තට පස්සේ ඒ සේරම වෙනස්වුණා.ඒ කොල්ලටත් හිතාගන්න බැරිතරමට එයාව වෙනස්වුණා...



2009.09.10 පන්තියකට යනවා ඒ පන්තියෙදි තමා මේ කොල්ලට එයා හදවතින්මආදරෙ කරපු ඒ කෙල්ලව හම්බවෙන්නෙ ඒත් මේ කොල්ලා දන්නෙ නැ ආදරේකියන්නෙ මොන වගේ දෙයක්ද කියලා මොකද ඒයට ඒවා කියන්න කියලාකවුරුත් හිටියෙ නැ එයාට එයාගෙ දුක සැප දෙකම කියන්න කියලා හිටියෙගෙදර හුරතලේට ඇති කරන බල්ලා විතරයි ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේඒ කොල්ලා මොන වගේද කියලා මොකක් හරි පොඩි අදහසක් ඇතිනේ නේද?එයාගෙ ජීවිතේ ගොඩක් කරලා තියෙන්නෙ මෝඩ වැඩ කොච්චරද කියලාඑයාටත්මතක නැ


මෙයට හිටියා හොද යාලුවො දෙන්නෙක් ඉතින් එයාලා එක්ක තමා කරන හැමදේම කරේ කියන හැම දෙම කරෙ ඒත් එයලා කරන වැඩ ලොකු අයටදිරවන්නෙ නැ ඉතින් ලොකු අය කරේ එයලා තුන්දෙනාව වෙන් කරපු එකපස්සෙ එයත් දානවා වෙන ඉස්කෝලෙකට මෙයාට හොද යාලුවො දෙන්නෙක්හම්බෙනවාහම්බෙනවා
එයාලා තමා විදුරoග,උදාර කියලා මුලදිම වැඩිය යාලු කමක් තිබ්බෙ නැ ඒත් දවසින් දවස ඒ කොල්ලාගේ හොදම යාලුවො බවටපත් වුනා ඉබේම


මම කිවුවේ දිනේ මතකද 2009.09.10 දැන් මම කතාව කියන්නo මම කියන කොල්ලා මෙ පන්තියට ගියා තව අය හිටියා ගෑනු ලමයි තුන්දෙනෙක් හිටියා මෙ කොල්ලත් මේකටම සෙට් උනේ දෛවයේ සරදමකට කියලා මට හිතෙන්නෙ ඒක වෙන්න ඇති නැත්තන් ඇයි මේ පන්තියටම සෙට් උනේ
ඉතින් මේ කොල්ලා මෙ පන්තියට ගියේ අයගෙ ඉස්කොලේ යලුවෙක් එක්ක ගිහින් සර් එක්ක පන්ති ගැන කතා කරලා පන්ති යන්න පටන් ගත්තා දැන් පන්තියෙ කොල්ලො 9දෙනයි මෙයත් එක්ක (හසන්ත ,යොෂිත ,පියුමල්, එරන්ද, තනුජ, හැරිසන්, ගජන් ,උදාර,විදුරන්ග ) තව කෙල්ලො තුන්දෙනයි ( රුවිනි,දසුනි,නිරෝෂා ) ඉතින්


මෙ කොල්ලා ජීවිතේ එයා හරිම සැහැල්ලුවෙන් තමා ගත කරේ පවුලෙ හිටියේ මෙයයි නන්ගි විතරයි තව අයියාකෙනෙක් ඉදලා 89 කැරැල්ලෙදි දොස්තරලා ඉස්පිරිතරේ ඉදලා නැතුව අයියා මැරිලා කියලා කිවුවා ඒක හින්දා අම්මා,තාත්තා හරිම ආදරෙයි මොනවද ඔනෙ කියන්නෙ අරන් දෙනවා ඉතින් දැන් පන්තියේ වැඩ කර ගෙන ඉන්න කොට මෙයාට ඒ පන්තියේ හිටිය ගෑනුලමයෙක් ගැන හිතිලා ඒත් කියන හැටියට දෙසැම්බර් මසේ වගේ එයd මට එයdගෙ දින පොත පෙන්නුවා ඉතින් මෙයාට ඔක ගෙන කියන්න කියල කවුරුත් හිටියෙ නැ ඔක්කොම කියලා තියෙන්නෙ බල්ලා එක්ක ඉතින් එයාගේ ආදරෙ ගැන කිවුවෙත් බල්ලා එක්ක



ඔහොම මස ගානක් යනකන් හිතෙ තද කරගෙන ඉදලා මම ඇහුවා ඇයි ඒ කියලා ඒකට දීපු උත්තරේ ඔහොම මස ගානක් යනකන් හිතෙ තද කරගෙන ඉදලා මම ඇහුවා ඇයි ඒ කියලා ඒකට දීපු උත්තරේ ඒත් ඒක කියන්න මට අවසර නෑ පස්සෙ ඒ කොල්ලාගෙ මම කියපු යාලුවො දෙන්නගෙන් අහලා විස්තරේ කියලා මොකද කරන්නෙ කියලා එයාලා කියලා වෙන දෙයක් වෙන්ඩ අහලා දාන්න කියලා
ආදරෙ ඉස්සරහ කොල්ලෝ කොච්චර අසරන වෙනවද කියලා ඔයලට තේරෙයි මන් කියන කොල්ලා දිහ බලපුවහම
කෙල්ලන්ගෙ හිත් මල් කිවුවට ඒව තනි කලුගල් ඉතින් ඒ කලුගල් වල ඔලුව හප්ප ගන්න කලින් ඔයලා 100 පරක් හිතන්ඩ
ඉතින් යාලුවො කිවුව විදිහට අහන්ඩ කියලා බලන් හිටියට සති 2ක් විතර ඔහොම ගිහින් ඒ කොල්ල අර කෙල්ලගෙන් අහුවා ලියුමකින්
අපි දන්නවනෙ කොල්ලෙක් ලියපු ලියුමක් අ කෙල්ල කියනව කියන්නෙ ඒත් වුනේ ඒකෙ අනිත් පැත්තෙ අදටත් ඔයලා ඒ කොල්ලගෙ පස් එක දෙක්කහම ඔයලාට තෙරෙය් මම කියන්නෙ බොරුද? ඇත්තද? කියලා 
ඒයාට මම කිවුවා


 "මුහුදෙ කොච්චර මාලු ඉන්නවද? මචන්"


ඒත් එයා දුන්න උත්තර

 රෝස මලකට ආදරේ කරන්න හැමෝටම පුළුවන්,ඒ වුනත් රෝස මල ළඟ තියෙන කොළයකට කාටවත් ආදරේ හිතෙන්නේ නෑ.ඒ වගේ ලස්සන කෙනෙක්ට ආදරය කරනවාට වඩා වටින්නේ හැමදාම ඔයාගේ ජීවිතේ ලස්සන කරන හැමදාම ඔයාගේ ලග ඉන්න රෝස මල කොළයකට ආදරය කරන එක. .”


ඉතින් එයා මට මේ කතාව කියලා අවුරුදු 12ක් විතර ගියා එහෙම එයා ඒ කෙල්ලට හිතින් ආදරේ කර කර අවුරුදු ගානක් හිටියා එයාගේ යාලුවොත් දැන් එයා එක්ක නෑ යාලුවෝ රස්සාවල් කරනවා කට්ටියක් විවාහ වෙලා ඒත් මෙ කොල්ලා නොලැබෙන දෙයක් දිහා බලගෙන දුක් වෙලා ඒත් එයා ඉදලා තියෙන්නෙ ලන්කාවෙන් හැතැම්ම ගානක් ඈත මට හිතුන මේ කොල්ල ගැන හොයලා බලන්ඩ ඒත් මම මේ ටික දැන ගත්තෙ එයාගෙ යාලුවෙක්ගෙන් මොකද ඒ වෙනකොට ඒ කොල්ලා අපි යන්න ඉන්න අවසාන ගමනත් අපට කලින් ගිහින් ඉවරයි ඒක වෙලා තියෙන්නෙ මෙහෙම


කොහොම හරි එයා එයාගෙ යාලුවො බලන්න 2020.03.28 ලන්කාවට ඇවිත් ඉන්නකොට එයා ගිහින් එයාගෙ පරන යාලුවො බලන්ඩ කියලා ගිහින් එයාලගෙ පවුල්වල කට්ටියත් එක්ක විහිලු කරලා විනෝද වෙලා කාලා බීලා යාලුවන්ට කියලා එයා ගිය පන්තියේ යාලුවන්ගෙ ගෙවල් වලට යන්ඩ ඕනෙ කියලා
ඉතින් කොහොම හරි මෙයා ඇවිත් තියෙන්නෙ ගොඩ කාලෙකින් හින්ද එයා එක්ක දවස් දෙකක්ම නිවාඩු දාලා ගිහින් ඔක්කොගෙම ගෙවල් වලට පන්තියේ හිටිය යාලුවන්ට අමතරව එයාට මුහුනු පොතෙන් හම්බුන යාලුවෙක් හිටියා එයාලගෙ දිහත් ගිහින් එයා ගීතිකා කියලා
ඒ ගිය හැම දිහකින්ම අහලා තියෙන්නෙ “marry කරේ නැද්ද?" කියන ප්‍රෂ්නෙ
ඒකට මෙයා දිල තියෙන උත්තරෙ "නෑ මෙහෙම ඉන්න එක හොදා" කියන එක
ඉතින් මෙයා ගිහින් තියෙන්නෙ වෙන මොනවටවත් නෙමෙ 2020.04.28 තියෙන එයාගෙ උපන් දිනයට කට්ටියට ආරාධනා කරන්න රැ කෑමකට කඩවත තියන "ලක්නාර" කියන හොටෙල් එකේ ඉතින් ඔක්කොටම කියල ඒක ලෑස්තිවෙලා
ඒත් මිනිහෙක්ගෙ කරුමෙ මහ පුදුම දෙයක් 28 වෙනිදට සතියක් තියලා මෙයා ගිය වාහානේ උඩින් වැලි ගෙනියන ටිපර් එකක් ගිහින් වාහානෙත් ගන්ඩ දෙයක් නෑ කොහොම හරි මෙයාව නවත්තලා කොළඹ පෞද්ගලික රෝහලක ඒත් ඩොකාලා ජීවිතෙ ගැන විස්වාසයක් තිබිලා නෑ කොහොම හරි මෙයාගෙ යාලුවෝ දෙන්නා accident එක ගැන දැන ගත්ත ගමන් ඉස්පිරිතාලෙට ගිහින්
ඒත් මෙයට සිහිය ඇවිත් තියෙන්නෙ දවස් 3කින් විතර සිහි එද්දි එතන ඉදලා තියෙන්නෙත් විදුරන්ග කියන යාලුවා සිහි ආව ගමන් "xxxxx දකින්න ආසයි" කියල අර ආදරෙ කරපු කෙල්ලගෙ නම කියලා ඒත් එක්කම විදුරන්ග උදාරට කතා කරලා විස්තරෙ කියල දෙන්නම පන්ති ඔක්කොටම කතා කරලා කියලා අර කිවුව ගෑනු ළමයව හොයගෙන ගිහින් එක්ක එන්න කියලා ගිහින් එක්ක එද්දි වෙන්ඩ තියන ඔක්කොම වෙලා ඉවරයි ඒ වෙද්දි කට්ටිය එතනට ඇවිත් හිටිය එතන අඩුවකට හිටියේ ඒ කොල්ල විතරක්
මැරෙන්ඩ මොහොතකර කලින් එයා කොලේක ලියලා ඒක මේසෙ උඩින් තියලා තමා මැරිලා තියෙන්නෙ



ඔබ මා හමු උන මේ ඉරහද යට
කොතැනක හිටියත් ම මල දවසට
මගෙ ලග තනියට ඉනු මැනවි
මගෙ ලග තනියට ඉනු මැනවි



එතනින් එහාට ලියන්න හම්බ වෙලා නෑ පොඩ්ඩක් හිතල බලන්න අන්තිම තත්පරේ කියන්න කොච්චර දේවල් තියෙන්න ඇද්ද ඒත් අපි කවුරුත් ආසයි නේද? අන්තිම තත්පරේ හරි ජීවත් වෙන්න ඒ ලියපු පද පේලි වලින් ඔයාලට හිතෙන්නෙ මොනවද කියලා මට කියන්න එයාගෙ යාලුවො දෙන්නා අන්තිමට හම්බ වුන දවසේ කියලා තියෙන්නෙ
"මචෝ උබලා හැමදාම සතුටින් ඉන්න ඕනේ ජීවිතෙ කියන්නෙ සල්ලි යාන වාහාන විතරක් නෙවෙ ආදරය උබලා දන්නවා මට නොලැබුන එකම දෙත් ඒක අහින්ද හැමදාම හොදින් ඉන්න බලපන් මම 2020.05.01 ආපහු යනවා මම එනකන් සතුටින් ඉන්න ඕනෙ "
මෙහි එන සියලු නම් ගම් හා දින මනස්කල්පිතය



"මචන් මුහුදෙ මාලු ඉන්නවා ඒත් මාලු ගොඩක් එක්ක මෙ මාලුව මට ගොඩක් වටිනවාමගෙ ආදර තරම මගෙ අත් දෙක දිග ඇරලා පෙන්නන්න බැරි උනත්...එයාගෙ පුන්චි හිත ආදරෙන් උතුරලා යනකම් ආදරෙ පුරවන්න මට පුලුවන්..ඒ තරමටම මම එයාට ආදරෙය් .. ඇත්තටම හුගාක් ආදරෙය්...ඒත් මම හිතුවෙ න ආදරෙ කියන්නෙ විදින දෙයක් මිස විදවන දෙයක් කියල ඒත් අද මම දන්නව ඒක විදින දෙයක් නෙමෙ විදවන දෙයක් කියල.. ඒක මට... See more ... See moreterun කරලා දුන්නට ගොඩක් පින් මම ආදරේ කරෙ හොද්දට ලුනු බින්ඩුවක් වගෙ... ඒට් අඩ මම දන්නව ඒක තෙරුන් ගන්න තරන් කෙනෙක් මෙ ලෝකෙ න කියල ඒත් ආඩේරෙ නපුරු වෙනකොට දර ගන්නෙ කොහොමද??... අත්තටම ඒක ගොඩක් අමරු දෙයක් එයාව මතක් වෙනවා හෑම මොහොතකම....හිත හදා ගන්න හෑදුවට බෑ එහෙම කරන්න....පොඩි සිදුවීමක් ඇති ආදරේ තව වැඩි වෙන්න.....මම ආදරේයි දැන් වෙනදට වැඩියෙන් ඔයාලටත් ඔයාලා ආදරෙ කරන දට මාව තේරෙයි

පේ*්*රමයට සීමා මායිම් කිසිත් නැත. එය මහ සයුර සේ අනන්තය. අහස මෙන් අපරිමාණය. මුරකාවල් යොදා සිර කළ නොහැකි අකීකරු පෙම් කල්පනාවෝ සිත්යාය පුරා ඉගිළෙන විහඟ රෑනක් මෙනි. නිදි නැති රැයෙක, සඳ කඳුළු මිහිදුමේ වෙළී තරුමල් අතර විකසිත වූ ඒ අපූර්ව පේ*්*රමය කිසි දිනක පියවි ලොවේ සැබෑවක් වන්නේ නැත. සැබැවින්ම එය දුරින් හිද සිතෙන් පමණක් අත්විඳීය හැකි රමණීය සිතිවිල්ලකි

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින
කුමරා
කළුවර රෑ හඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මං නොකී කවිය
නුඹට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න
මගේ පුංචි රෝස මලේ.....
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්
ආසයි මං කවුළුපියන්
හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ.....
ඈත්ත ඔයා මට ආදරේ නෑ තමයි
මට ඒක තේරුනේ නෑ
මගේ යාලුවන්ට මම බෑන්නා
ඒ ඔයා නිසා..........
මම ඔයට ආදරේ කරපු නිසා
ඔයා මගේ මුලු ලෝකෙම නිසා
කමක් නෑ ඔයා සතුටින් ඉන්න
මම ඒ දිහා බලලා සතුටු වෙන්නම්
මට ඔයගෙන් පලිගන්න බෑ
ඔයා දන්නව ඒක හොදටම.

ගහක මල් පිපිලා ‍පිපෙන්නේ ඇයිද නොදන්නෙමි



ගහක මල් පිපිලා ‍පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි....

කතරෙ වැලි කැට හිරුට පෙම් බැද ඇතත් ලෝ දහමෙන්
සොදුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්...



සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැදි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්

''පිපෙන පරවෙන හැම මලක් වුව ඔබෙ අබියස පර නොවවා ... මලින් මලකට සුවද වන්නට නුඹේ රූව මකරන්ද වේවා .. සියොත් තටු පිරිමදින අළුයම වැටෙන අරැණළු නුබම වේවා... ශුෂ්ක හද බිම තෙමා සනසන සොදුරූ සිනහව නුඹෙම වේවා...



''පිපෙන පරවෙන හැම මලක් වුව ඔබෙ අබියස පර නොවවා ... මලින් මලකට සුවද වන්නට නුඹේ රූව මකරන්ද වේවා .. සියොත් තටු පිරිමදින අළුයම වැටෙන අරැණළු නුබම වේවා... ශුෂ්ක හද බිම තෙමා සනසන සොදුරූ සිනහව නුඹෙම වේවා..."

ඔබ මා හමුවුණ මේ ඉරහද යට



ඔබ මා හමුවුණ මේ ඉරහද යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි

කදුල සුසුම නෙහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කළ හැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි...

සසර අපි තනි වෙලා

සුදන ගති වැලළිලා,
දුදන ගති මතුවෙලා,
බුදු සාදු කියාදුන්,
දහම් අමතක වෙලා.
මල් පිපුන පාර දිග,
කටු අකුල් මතු වෙලා,
ඇවිදගෙන යන්න බැහැ
පාර වල් බිහි වෙලා.
ගිරි දුර්ග - වන දුර්ග,
මග දෙපස අවුරලා,
මන් මුලා වි හිදි,
මිනිස් හිත තනි වෙලා.
හිමියනේ වඩිනු මැන,
මිනිස් ලොව දෙස බලා,
ඔබ නො‍යන මොහොතකදු,
සසර අපි තනි වෙලා

Saturday, September 10, 2011

telila podi wela kudu keli wela


telila podi wela kudu keli wela
tibba welawaka
hamu wela
tuwala welata behet dana muwawen
nuba kale tibba tuwale
tawa tawath pagala anala
parapu akamay
oya papuwa gal unata
me papuwa lee mas nahara walin
heduna akak bawa
nuba danna na aka mata tereddi
mage hadawatha tibba
lee vilak meda bima wetila
 

වැහි බර වූ අහසේ


වැහි  බර  වූ  අහසේ  
අදුරු  උ  මගේ  දිවිය 
නැවත  ගොඩ  නගන්නට 
ඇවිද  යමි  එදිරියට 
කාලය  නම්  වැලි  තලාවේ 
රහසින්  වෙටෙන  කදුළු  සැමට  සගවා