Sunday, September 11, 2011

ඔබ මා හමුවුණ මේ ඉරහද යට



ඔබ මා හමුවුණ මේ ඉරහද යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි

කදුල සුසුම නෙහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කළ හැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි...

No comments:

Post a Comment