Sunday, September 11, 2011

ගහක මල් පිපිලා ‍පිපෙන්නේ ඇයිද නොදන්නෙමි



ගහක මල් පිපිලා ‍පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි....

කතරෙ වැලි කැට හිරුට පෙම් බැද ඇතත් ලෝ දහමෙන්
සොදුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්...



සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැදි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්

No comments:

Post a Comment