Sunday, September 11, 2011

මොනවද අම්මේ මO පොඩි කාලේ


මොනවද අම්මේ මO පොඩි කාලේ
මා නළවන්නට ඔබ කී කවි ගී
දකින්න ඇත්නම් හිනෙන් හෝ මට
අම්මගේ උකුලේ හිට පු හැටි

කුසගිනි දැනෙන හැම මොහොතකදිම
මා ඔබ ලය තුරුලේ තියලා
පොවන්න ඇති මට මා හඩනා විට
අම්මගේ ඇග ලේ කිරි කරලා

අම්මෙ කෝ මගෙ පින්චි අදුම් පොඩි
දකින්න ආසයි මට ඒවා
මන් වෙනුවෙන් ඩහසක් දුක් විදි
ඔබ මතු සසරෙදි බුදු වේවා

No comments:

Post a Comment